Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැත් පත්තිනි

සැත් පත්තිනි

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මිනිසා මවා අවසන් කර ආපසු යන්නට සැරසුණු මැවුම්කරු දුටුවේ අනන්ත රාගය හා පරම විරාගය තවමත් ඔහු ගෙනා කූඩය තුළ ඉතිරිව ඇති බවයි. උභතෝකෝටිකයක සිර වූ මැවුම්කරු, විරාගය හා රාගය එකට දමා දෑතේ නොඇලෙන පදමට සැකසුවේය. එය ගුළි දෙකක් ලෙස සැකසූ මැවුම්කරු ඒවා පපුව දෙපස අලවා යන්නට ගියේය.

ක්‍රිශාන්ත කුඩාකේශර අතගැසුවේ මේ සම්මිශ්‍රණයටයි. ඔහු කවුද? ඔහුට රාගය, විරාගය වෙන් කරගත හැකි වේවිද? පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ සල්ලාලකම, ඇය පත්තිනි දෙවොලක පූජාසනයක හිඳුවා පුදකිරීමට ඔබට ඉඩ ලබාදේවිද යන්න සැකෙවින් කිව නොහැක.

මරාගත් මුවා කෙරෙහි වඩාත්ම ප්‍රේම කරන්නේ වැද්දා බව සැබෑව. එනිසා වැද්දා තුළ ප්‍රේමය නැතැයි කීමට ඉක්මන් නොවිය යුතුය. ප්‍රේමය, විරහව ආදී එකී මෙකී නොකී වචනවලට අරුත් දෙන්නට වෙර දැරීම පසෙකට දමන්න. හිස්මුඳුන පසුකර ගසාගෙන ගිය වලාකුළ යළිත් සොයා යා යුතුද? නොයා යුතුද?

ISBN
9786246570606
පිටු ගණන (Pages)
174
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැත් පත්තිනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.