Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සත් සිඳු රළ
About this book
ශ්‍යාමලී වසන්තා සුබසිංහ රජරට ගුවන්විදුලිය ඇතුළු විද්‍යුත් මාධ්‍යය ද පුවත්පත් සඟරා ඔස්සේ ද කවියෙහි අත්පොත් තැබූ නිර්මාණශීලි ලේඛිකාවකි. ඇගේ කවියේ සමාරම්භක අවධියේ තිබූ සරල බව අව්‍යාජ බව මටසිලිටි බව අභිබවා යමින් වඩාත් සංකීර්ණ අනුභූතින් ඔස්සේ කවිය විශිෂ්ට ඉම් පෙදෙසක් කරා ගෙනයන ආකාරය ''සත් සිදු රළ'' පොතෙන් පිළිබිඹු වේ.
ඇය විචක්ෂණ අයුරින් සිංහල කවි සමයෙහි රිද්ම භාවිතයට ගනී. එමෙන්ම කවියෙහි තේමාත්මක මුවහත පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩා විස්තීර්ණ ප්‍රස්තුතයන් හඹායමින් කවිය ඔස්සේ ජීවිතය බහුමානීය කියවීමකට ලක්කිරීමේ උත්සාහයක් දරයි.
මේ කවිවලින් බහුතරය ස්ත්‍රී සංවේදනශීලිත්වය පිළිබඳ ආදර්ශ රචනා වැන්න. ඇගේ කවිය පරිපාකයට පත්වන මතුචදින විශිෂ්ට කාව්‍යාවලියකින් සිංහල කවිය පෝෂණය කරනු ඇත.
ISBN
9789550476251
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත් සිඳු රළ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.