Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සතරවන වගන්තිය

සතරවන වගන්තිය

About this book

බ්‍රිතාන්‍යයේ අති වාමාංශිකයනට උපක්‍රමයෙන් බලය ලබා ගැනීම අරමුණු කොට බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සාහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතාන්‍යයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න්‍යෂ්ටික උපකරණයක් පුපුරුවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී, න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්‍ෂයට ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහාය.

මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයට එවන, ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු කරනලද ඔත්තුකරුවා බ්‍රිතාන්‍යයකු සේ ජීවත් වෙමින් තමනට රහසේ එවන කොටස් එකතු කොට තබා සෝවියට් සංගමයෙන් එවන ලද විද්‍යාඥයකු ලවා ඒවා එකලස් කොට එම කුඩා න්‍යෂ්ටික අවිය නිර්මාණය කරයි.

එහෙත්, බ්‍රිතාන්‍යය තුළ සිදුවන යම් යම් සිදුවීම් නිසා සැකකොට ඉතා සුළු සිදුවීමක් පසුපස හඹාගොස් විමර්ශන ක්‍රියාත්මක කරන දක්ෂ නිලධාරියෙකුගේ අවධානය මේ ගැන යොමු වෙයි. සැලසුමේ පරිදි මෙය පුපුරවා හැරීමට නියමිත දිනට පෙර දින රාත්‍රියේ මෙය ව්‍යාර්ථ කිරීමට ඔහුගේ නායකත්වයෙන් කෙරෙන මෙහෙයුම සාර්ථක වී බ්‍රිතාන්‍යය මේ විනාශයෙන් බේරා ගැනීමට ඔහුට හැකිවේද?

Details
ISBN
9789556564570
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සතරවන වගන්තිය

Reviews are published once a member of our team has read them.