Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙයිලං ගිය ඇත්තෝ

සෙයිලං ගිය ඇත්තෝ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉසුරු සොයා ගමෙන් නගරයටත් නගරයෙන් ගමටත් මිනිසුන්ගේ සංක්‍රමණය වීම බොහෝ යුගවල අඩු වැඩි වශයෙන් සිදුවූවකි. එය වර්තමානයේ ඩොලර් පවුම් හෝ ඩිනාර් සොයා විදේශගතවීම වැනි වූවකි. මෙකල මෙන් එකල ද ඇතමෙකු ඒ ගමනින් ලද ඉසුරක් නම් නැත. එහෙත් ඇතමෙක් ඒ අපේක්ෂාවන් ක්ෂාත් ක්ෂාත් කර ගත්හ. මෙම කෘතියට පාදක වන විසිවන සියවස මුල් භාගයේ ද එවැනිම සංසිද්ධීන් සමාජය තුළ සිදු විය. සමාජයේ බොහෝ දෙනෙකුට පෙනෙනුයේ ඉසුරු සොයා ගිය සමහරකු දියුණු වූ සැටි හෝ පවුල් පිටින් වැනසී ගිය අයුරු ය. එසේ වැනසී ගිය අයවලුන් පිළිබඳව ගැඹුරෙන් හදාරා කළ නිර්මාණ සුලභ නැත. එදා සෙයිලමට ඉසුරු සොයා ගිය අයකු පතුල දක්වා පිරිහී ගිය අයුරුත්, ගමේ රැඳී පූර්ණත්වය ලබාගත් ඔහුගේ සහෝදරයකු විසින් ඔහුත් ඔහුගේ පවුලත් ගොඩගන්නා අයුරුත් මෙම ග්‍රන්ථයේ විස්තර වෙයි. මෙබඳු කතා සමාජයේ බොහෝ සුලභ වුව ද එම පරිවර්තනයට ගොදුරු වන පාත්‍රවර්ගයාගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් ඒ සඳහා ගොඩ නැඟෙන ආකාරය විස්තර වූ තැන් එතරම් දක්නට නැත. මෙම නිර්මාණය එබඳු වැළලී ගිය තැන් සොයා බැලීමට ගත් උත්සාහයකි.

ISBN
9789556862904
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෙයිලං ගිය ඇත්තෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.