Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / ශ්වේත කළුවර
About this book
..ඔය මන්ත්‍රීනායක මහත්තයා කලින් හිටියේ සී.අයි.ඩී එකේ නෙවෙයි මිස්.ඒ මහත්තය බඳින්න හිටියේ ළමයව කවුදෝ මිනිහෙක් මරල දාලලු.දැන් එ සිද්ධියට අවුරුදු තුනක් විතර වෙනවා මයේ හිතේ.ඒ මිනිමරුවව අල්ලගන්නලු මහත්තයා සී.අයි.ඩී එකට මාරු වෙලා ඇවිත් තියෙන්නේ.

රියදුරා අතීත කතාව ගෙනනැර පාද්දි විහාරාගේ දෙනෙත් විශ්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මුහුණට හෝ අළු පැහැ තියුණු දෙනෙතට යටින් මෙවන් දුක් බර කතාවක් සැඟවී ඇතැයි ඇයට කිසිවිටෙක සිතී නොතිබුණි.ඈ මුව අයා රියදුරා දෙස බලා සිටියේ වැඩිදුර විස්තර දැනගැනීම උදෙසාය.

"බඳින්න හිටිය ළමයා ? එත් කොහොමද ඒ ළමයට එහෙම දෙයක් වුණේ?"

"ඒක නම් අපිත් හරියටම දන්නේ නෑ මිස්.කැම්පස් එකක ළමයෙක් කියලයි ආරංචිය.කැම්පස් එකේ ඇතිවුණූ රණ්ඩුවකදී මේ ළමයගේ ඔළුවට ගල් පරාක් වැදිලා තියනවා.ඉතිං ඒ ළමයට එවෙලේ සිහිය නැනි වුණාම ළමයි එයාව ඉස්පිරිතාලෙට ගෙනිහින්.ඇක්සිඩන්ට් වොඩ් කේ ඇඳක් වුඩ නිදාගෙන ඉද්දි තමයි කවුරුහරි ඒ ළමයගේ උගුරු දණ්ඩ කපලා මරල තියෙන්නේ.

රියදුරාගේ දිර්ඝ විස්තර කිරිම අසා සිටි විහාරාගේ ලේ සීතල විය.

ISBN
9786245572144
පිටු ගණන (Pages)
469
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Detective & Love
    කියවලා ඉවර වෙනකන්..
    මොකක්ද ඒ වුනේ..කොහොමද වුනේ ..මේ සිද්ධියත් එක්ක තියෙන සම්බන්දය මොකක්ද කියලා හිතන..

    දාම මිනිමරුවෙකු හොයාගෙන යන රහස් පරික්ශක කතාවක් ඇතුලේ තවත් රහස් වගයක් සැගවිලා තියෙන

    ගෙවපු මිලට ..දාලා තිබුන review හොද නිසා අරගෙන කියවපු සුපිරි රහස් පරික්ශක පොතක්..

    මුතුකුමාරණ ගෙන් තවත් රහස් පරික්ශක පොත් ලියවෙනවා නම් මම කැමති..
    Thara ·
Write a review
Write a review

You're reviewing: ශ්වේත කළුවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.