ශ්වේත අග්නි
ඇය දිය නා අහවරව කණ්ණාඩි මේසය ඉදිරිපිටට වී ආලේපන ගල්වමින් සිටියාය.එසේ සිටින අතර, එහි ඇති කණ්ණාඩියෙන් නිම්නව දැක තිගැස්සී වාඩි වී උන් රවුම් පුටුවෙන් නැගිට්ටාය.ඇගේ හදගැස්ම වේගවත් විය.මේ නුහුරු නුපුරුදු හැඟීම ඇයට ගෙනාවේ දැඩි නොසන්සුන් කමකි. ඇය කලබලයෙන් කතා කරන්නට හදන විට, නිම්න ඔහුගේ සුරතින් ඇගේ මුව වැසුවේ කාමරයට යාබද ඉසව්වේ සිටින උපනන්ද වෙදමහතාට ඇගේ හඬ ඇසේ යයි සිතුණු නිසාමය. ඉන් බියට පත් ඇය ඇස් කරකවා බැලුවේ අසරණ හැඟීමකිනි. ඇය සංසුන් වනතුරු සිටි නිම්න . ඇයගේ මුව වසා ඇති සුරත සෙමින් ඉවත් කළේය.
" නිම්න ඔයා "
“මේ මට මට මේත්ව මට මේ ඔයාව බලන්න හිතුනා”
“එහෙම බලන්න හිතුනා කියලා මෙහෙම කෙල්ලෙක්ගේ කාමරයට එනවද ආ?”
“ඉතිං මං දන්නෙ නැති කෙල්ලෙක්ගේ ළඟට නෙමෙයිනේ ආවේ”
නිම්හ . එක එල්ලේ ඇගේ දෑස් දෙස බලා කීවේය. ඒ ඇස් මත්තේම ඇගේ ඇස් පැටලුණි. ඔහුගේ සුසුම් ඇගේ මුව කමල මත වදිද්දී ඇය පියවරක් පසුපසට ගියාය. ඇගේ කම්මුල් රත්පැහැවී ඇති බව නිම්න දුටුවේ එවිටය. ඒ මට සිලිටු කම්මුල් මත ඔහුගේ ඇඟිලි තුඩු යැවූ නිම්න ඇය වෙත තව තවත් සමීප වෙද්දී ඉන් ලැජ්ජාවට පත් ඇය ඇගේ සුරත පසු පසට ගත්තාය.ඉන් කණ්ණාඩි මේසය මත තිබූ සුවඳ විලවුන් බෝතලය බිම වැටී බිදිණි. ඒ හඬ උපනන්ද වෙද මහතාට ඇසුණි.
“දුව මොකක්ද ඒ?”
“නෑ මේ මගේ අතින් වීදුරවක් වැටුනා අප්පච්චී”
ඇය තවත් තැති ගැන්මෙන් කීවාය. දැන් කාමරයම විලවුන් සුවඳින් පිරි ඇත. නිම්නගේ හිත ඈ වෙත ඇති ආලයෙන්ම පිරෙද්දි ඇගේ නළල මත උණුසුම් හාදුවක් තැබීය. ඇගේ දැස් පියවුණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.