සිහිනයක අරුමය
සර් ඇන්ඩෘ ඩි'ආසි නම් වූ නයිට්වරයා, නැගෙනහිර මුස්ලිම් නරපතියා වූ සලහ්-එඩ්-ඩින්ගේ සොහොයුරියක වන, සිත්ති සුබෙයිදා සමඟ එංගලන්තයට පලා අවුත් ඇය හා විවාහ වෙයි.
තෙ වන කුරුස යුද සමය වන විට, සලහ්-එඩ්-ඩින් රාත්‍රී තුනක් පිට පිට ම දකින සිහිනයකින් කියවෙන්නේ, තම සොහොයුරියගේ දියණිය වන රෝසාමුන්ඩ් විසින් සිදු කරනු ලබන කිසියම් උදාර ක්‍රියාවක් මගින් දහස් ගණනාවකගේ මිනිස් ජීවිත විනාශයෙන් ගැලවෙන බව ය.
එම සිහිනය අල්ලාහ් විසින් එවන ලද්දක් බව සිතන ඔහු, පිරිසක් එංගලන්තයට යවා, රෝසාමුන්ඩ් නැගෙනහිරට පැහැර ගෙන එන අතර ඇයට ආදරය කරන, ගොඩ්වින් සහ වුල්ෆ් යන නිවුන් සොහොයුරන් ද ඇය සොයා ගෙන නැගෙනහිරට පැමිණෙති.
අවසානයේ, සලහ්-එඩ්-ඩින්ගේ සිරකරුවන් බවට පත් වෙන ති දෙනාට අත් වෙන ඉරණම කුමක් ද? මෙය පලස්තීනයේ කිතුනු ආධිපත්‍යය විනාශයට පත් කර දැමූ, තෙ වන කුරුස යුධ සමය පාදක කොට ගනිමින් එච්. රයිඩර් හැගාර්ඩ් ලියූ ඓතිහාසික නව කතාවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.