සීමැදුරු කවුළුව
සැමියා දොඩම් ගෙඩි දෙක තුනක් රැගෙන එයි. බිරිඳගේ ඉල්ලීම ඉටු කරන්නට ලැබීම ගැන සතුටුව ඔහු දොඩම් බෑගය ඇය අත තබන්නේ ජයග්‍රාහී ලීලාවෙනි.
“කීයද මේවා…?” හඬෙහි ඇත්තේ ද ගොරෝසු ප්‍රශ්නාර්ථයකි.
“හැත්තෑපහට හතරයි... ලොකු ගෙඩි නෙ...”
“අපරාදෙ සල්ලි. මේවා දොඩම් නෙමෙයි සිදරං. ලොකුවට තිබුණු හින්දා රැවටුණා. මොකක්ද අනේ ඔයාට දොඩනුයි සිදරනුයි අඳුනගන්න බැරි ද...? ඒකට මොකද කට නම් තියෙනවා.”
ගතවූ කාලය තුළ දී තමා අතින් එළවළු හොන්ඩර (කිලෝ) කී දාහක් කපන්න ඇද්ද? පොල්ගෙඩි කීයක් බිඳින්න, ගාන්න, මිරිකන්න ඇද්ද? කොසු කීයක් ගෙවෙන තුරු අතුගාන්න ඇද්ද? කියන්න බැරි තරම් තේ කෝප්ප හැදුවා නේද? මේ වැඩවලට නිදිමරපු, දාඩිය හෙලපු ප්‍රමාණය! ඇයි මේ මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ? මෙහෙම හිතන බිරින්දෑවරුන් කොතෙක් ද?
මේ ඔවුන්ගේ කතාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.