සිරි දළදා ජූජා වරුණ
කන්ද උඩරට මහනුවර වැඩ වාසය කරන්නා වූ දළදා වහන්සේ ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වස්තුවයි. ”ශ්‍රී දළදා පූජා වරුණ" නම් කෘතියේ දළදා පූජා ඉතිහාසය පිළිබඳ අපූර්ව විස්තරයක් සපයන්නේ අදාළ මූලාශ්‍ර භාවිත කරමින්ය.
හේමමාලා හා දන්ත කුමරු විසින් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ මෙරට ට වැඩම කළ ශ්‍රී දළදාවේ භාර කරු වූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ තුමා ය. ශ්‍රී ලංකා ද්වීපය ම දළදාවට පූජා කළ එතුමා මහත් හරසර මැද දළදා පූජා පවත්වා දළදා ප්‍රදර්ශනයක් ද පැවැත්වී ය.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාරත රජ වරුන් හා ශ්‍රී ලාංකේය රජ වරුන් දළදා ප්‍රාතිහාර්ය දකිමින් නන් අයුරින් පැවැත් වූ පුද පූජා පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙම ග්‍රන්ථයේ සඳහන් වන අතර ශ්‍රී ලාංකේය රාජ්‍යත්වයේ අනන්‍යතාව ශ්‍රී දළදා වහන්සේ හා බැඳී ඇති බව මතු කර දැක්වීමට කතුවරයා දැරූ උත්සාහය ප්‍රසන්ශනීය වේ.
දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කරනු ලබන සිව් මහා පුද සිරිත් පිළිබඳ විවරණය තුළින් වටිනා තොරතුරු රැසක් පාඨකයාට ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ නොමද උපහාරයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ රචිත කෘති අතරින් මෙම "ශ්‍රී දළදා පූජා වරුණ'” නම් වූ කෘතිය වඩාත් ඉදිරියට පැමිණ ඇත්තේ එහි ශාස්ත්‍රීය බව ආරක්ෂා කරමින් පොදු පාඨක ජනතාවගේ ශ්‍රද්ධාව උද්දීපනය වන අයුරින් රචනා කර ඇති බැවිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.