My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
වනගත රජමහා විහාර පොතෙන් වන්දනාකරුවා උත්සාහ කළේ වනාන්තරබදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැගවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇතිපොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය, ඇළහැර අමුණ සහ බකමූණේ බුදුරුවයාය පිළිමය, කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය, සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වනමැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජමහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි.
Author | කුසුම්සිරි විජයවර්ධන - Kusumsiri Wijayawardhana (23) |
---|---|
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (629) |
ISBN | 9786245710423 |
---|---|
පිටු ගණන | 160 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |