Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සිවිල් හා අපරාධ නීතියෙහි ප්‍රායෝගික පැතිකඩ

සිවිල් හා අපරාධ නීතියෙහි ප්‍රායෝගික පැතිකඩ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ශ්‍රී ලංකා අධිකරණ සේවයේ I වන පංතියේ II වන ශ්‍රේණියේ අධිකරණ නිලධාරිවරයෙක් වශයෙන් මේ වන විට කටයුතු කරන මංජුල කරුණාරන්න මහතා පුරා වසර 10ක කාලයක් ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල නඩු කටයුතු පිළිබඳ පරිපුර්ණ දැනුමක් සහ පළපුරුද්දක් සහිත විනිසුරුවරයෙකි.

ප්‍රවීන ලේඛකයෙකු වන ඒ මහතා “අධිකරණය ඉදිරියේ නීතිය” පොතෙහි කතෘවරයා මෙන්ම ලංකාවේ පිළිගත් නීති සඟරාවලට නීතිය පිළිබඳව ලිපි සපයන රචකයෙකි.

තමා විසින් වර්ෂ 07ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් හා ඉන් අනතුරුව අධිකරණ සේවයෙහි යෙදීමෙන් ලබා ගත් මනා දැනුම හා අත්දැකීම් “සිවිල් හා අපරාධ නීතියෙහි ප්‍රායෝගික පැතිකඩ” යන පොතෙහි, අපගේ අධිකරණවල මතුවන සංකීර්ණ ගැටළු හා එයට අදාළව පවත්නා නීතිය ඉතා සරල ලෙසත් මන බඳිනා ලෙසත් පාඨකයාට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි ඇතුලත් කර ඇත.

“සිවිල් හා අපරාධ නීතියෙහි ප්‍රායෝගික පැතිකඩ ” නමැති ග්‍රන්ථය නීතිය ඉගෙනගන්නා අයටද, කාර්යයබහුල නීතිඥවරුන්ට මෙන්ම සාමාන්‍ය පුරවැසියාට ද අගනා පොතක් වේ.

ආචාර්ය රුවන් ප්‍රනාන්දු අභියාචනාධිකරණ විනිසුරු

ISBN
9786249792708
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිවිල් හා අපරාධ නීතියෙහි ප්‍රායෝගික පැතිකඩ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.