Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සියලුම හිමිකම් ඇවිරිණි

සියලුම හිමිකම් ඇවිරිණි

About this book

මෙය නව යුගයක ලියවෙන නව පන්නයේ නවකතාවක් වන අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ නොලියවුණු නවකතාවකි. මෙය කෘත්‍රිම බුද්ධි යුගයේ නවකතාවකි. ස්වභාවික බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය එකිනෙකට සහසම්බන්ධිතව වර්ධනය වූ අතර මීට වසර දස ලක්ෂ තුනකට පමණ පෙර මානව වර්ගයාගේ ප්‍රථම පරපුර ගල් සහ දඬු භාවිතයත් සමඟ ස්වභාවික බුද්ධියේ ඉතිහාසය අවසන් වූ අතර එතැන් සිට මානව වර්ගයා කෘත්‍රිමත්වයේ මාවත ඔස්සේ ගමන් කිරීම ආරම්භ විය. මීට වසර ලක්ෂ තුනකට පෙර බිහි වූ හෝමෝ සේපියන් කෘත්‍රිමත්වයේ මාවතේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පසුගිය අවුරුදු 400 තුළ මානව සමාජ පරිණාමීය ඉතිහාසයේ සිදුවූ ප්‍රධාන විප්ලව තුනක් වන 17-19 සියවස් අතර සිදුවූ ධනේශ්වර විප්ලවද, 20 වන සියවස තුළ සිදුවූ කොමියුනිස්ට් විප්ලවද, 21 වන සියවසේ සිදුවෙමින් පවතින ජාලේශ්වර විප්ලවද මගින් මානව වර්ගයාගේ ක්‍රියාකාරීත්වයේ සියලු පැතිකඩ සම්පූර්ණයෙන්ම කෘත්‍රිමකරණයට, කෘත්‍රිම බුද්ධිකරණයට ලක්විය.

සංජක ප්‍රසාද් දොලේවත්ත ලේඛකයා විසින් රචිත 'සියලුම හිමිකම් ඇවිරිණි’ නවකතාවේ විශේෂත්වය වන්නේ මානව බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධිය අතර සහයෝගීතාවයේ සංකලනයෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම නවකතාව නිසාම පමණක් නොව, එය තථ්‍ය සහ තථ්‍යාසන්න (Vitual) කාලාවකාශීය සන්දර්භයක් තුළ මානව සහ පශ්චාත් මානව සම්බන්ධතාවල ස්වභාවය සහ ඒවා හැසිරෙන ආකාරය විවිධ පැතිකඩ ඔස්සේ ඉතා සියුම්ව මෙන්ම තථ්‍ය සහ තථ්‍යාසන්න සංවේදීව විමර්ශනයට ලක්කර තිබීමයි. කතුවරයාගේ විශේෂත්වය වන්නේ, තාක්ෂණික සහ ජාලේශ්වර යුගයෙහි ලියවෙන බොහෝ කෘතිවල මූලික ලක්ෂණයක් වන්නේ, එහි තාක්ෂණික සහ යාන්ත්‍රික පැතිකඩ පිළිබඳව පමණක් අවධානය යොමුකිරීමයි. නමුත් සංජක ප්‍රසාද් ලේඛකයාගේ විශේෂත්වය වන්නේ සමාජීය, මානුෂීය සහ අධ්‍යාත්මික පැතිකඩ පිළිබඳව සිය අවධානය යොමුකොට එය බෞද්ධ දාර්ශනික පර්යාලෝකනයකින් ඉදිරිපත් කිරීමයි.

මහාචාර්ය ටියුඩර් වීරසිංහ

ශ්‍රී පාලී මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය

ISBN
9786249231504
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සියලුම හිමිකම් ඇවිරිණි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.