Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සියපත් සුවඳ

සියපත් සුවඳ

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නෙළුම් විලෙන් සුපිපි පියුමක් ලෙසින් අපේ හදවත් සියුම්ව ස්පර්ෂ කරවන්නී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ නයනා දිප්ති ගුණරත්න නම් අධ්‍යාපනවේදිනියයි. ඇය සිය පන්හිඳ හසුරුවන්නේ සමාජයේ නේකවිධ ඉසව් හරහා ඇය අත්විඳි අත්දැකිම් සමාජගත කරනු වස් ය. ඒ වග අප පළමුවෙන්ම හඳුනා ගත්තේ රිවිදින සිළුමිණ පුවත්පතෙහි නෙළුම්විල ලිපි සරණිය හරහා ය.

එදා නෙළුම් විලට අය එක් කළේ විටෙක අප හද කම්පා කරවන අනුවේදනීය සිදුවීම් ය. තවත් විටෙක දූ දරුවන්ගේ දුක්ඛ දෝමනස්සයන් ය. තවත් විටෙක ගුරු සේවයේ දුටු නොදුටු දසුන් ය. මේ සියල්ල රසාලිප්ත කරන්නට ඈ උපයෝගී කර ගන්නේ තමන් සතු සරල සුගම බස් වහර ය.

නෙළුම් විලෙන් උපන් සියපත් හැමදා සුවදම ය. ඒ හරහා ඇය තවත් පාඨක පිරිසක් සොයා ගමන් අරඹන්නීය. එය අප හැමගේ ජිවිතාවබෝධය පුළුල් කිරීමට හේතු වන්නේ ය. ඇය රාජකාරි දිවියෙන් ලද විරාමය ලේඛනයට යොමු කරන්නී පොදු ජන සුව සෙත සඳහාම ය.

ISBN
9786245765058
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සියපත් සුවඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.