Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සොබාදම් ගොවි පලදා
About this book
කෘෂිකර්මාන්තයට ස්වභාවයෙන්ම ලද දායාද ගොන්නක්ම උරුම ශ්‍රී ලංකාව ලොව කෘෂිකර්මාන්තයට යෝග්‍යම රට ලෙසට නම් කළද වරදක් නොමැති තරම්ය. වසර පුරාම නොඅඩුව ලැබෙන සූර්යාලෝකය, අනිවාර්ය මෝසම් වැසි සහ අන්තර් මෝසම් වැසි, රටමැද පිහිටි සරු කඳුකරය, මුහුදේ සිට ඇති අවම දුර, රට පුරා විහිදුණු විවිධ දේශගුණික කලාප , සරු පස , කෘෂිකර්මාන්තයට සුදුසුම උෂ්ණත්වය, රට පුරා විහිදුණු දිය නොසිඳෙන ගංගාවන් වැනි ලොව අන් කිසිඳු රටක් නොලද ස්වභාවික සම්පත් ලක්මවට උරුමය.

යටත් විජිත කාලය දක්වාම මේ රට මෙතරම් ස්වයංපෝෂිතව පැවතීමත්, අද වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමත් ස්වභාවිකව සිදු සිදු නොවුණු දේවල්ය. මේවා කළ අයට දොස් පවරනවාට වඩා අපෙන් යට ගිය උරුමය නැවත සොයා යාමට කාලය එළඹ ඇත. වංශය කබල් ගෑම් වෙනුවට අප කළ යුත්තේ සිඳී යන එම ඥානය යළි සොයා ඒවා අද කාලයට ඔබින අන්දමින් ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමය.

ISBN
9786245572113
පිටු ගණන (Pages)
169
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොබාදම් ගොවි පලදා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.