Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෝබන මාලිගා

සෝබන මාලිගා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“උඹල දන්නෙ නෑ අපේ රටේ මිනිස්සු ගල් යුගේ වැද්දො ටිකක් කියල සමහර සුද්දො හිතන්නෙ... ලන්ඩන්වල ලොකු පූජකයෙක් පහුගිය දොහේ ලංකාවට ඇවිත්, ආපහු ගිහින් කියල තියෙන්නෙ ලංකාවෙ තියෙන බුද්ධාගම යක් නැටුම් විශේෂයක් කියල...මේ ළඟදි හම්බ වුණු බොම්බායෙ වෙළෙන්දෙක් මා එක්ක කිවුව සිංහලයා කියන්නෙ කිසිම උත්සාහයක් නැති, අරමුණක් නැතිව එහෙ මෙහෙ පනින වඳුරො ටිකක් වගේ කියල...පේනවනෙ අපි ගැන මිනිස්සු හිතන හැටි...?”

- අනගාරික ධර්මපාල -

“...ඔබ කල්කටාවට පැමිණි විට මෙහෙ දාල යන්න හිතෙන එකක් නෑ...ඒ මා හින්ද නෙවෙයි... අඩියෙන් අඩිය තියෙන පොත් කඩ නිසා... හැම තැනම තැවරිලා තියෙන්නෙ සෞන්දර්යය... ප්‍රඥාව...ඇඟ කිලිපොළා යන අපිරිසිදු කමත්, දුප්පත් කමත් අතරින් පුදුමාකාර විදියට චමත්කාරය හිස ඔසවන කල්කතා නගරයට ඔබ බොහොම කැමති වෙයි...”

- ආලෝකා -

“ඉන්දියානු පොළෝ තලයේ නොයෙක් සුන්දර තැන් වල ඈ නිතර මට හමු වුණේ, පාට පාට ලෝකයකින් එබී බලන සුරඟනක් සේ ය. බරණැස ගං නිම්නයේ ද, හූග්ලි ගඟ අසල ද, කාළි අම්මා කෝවිලේ ද, දුර්ගා මාර්ගවල සුපිපි මලින් යුතු තුරු ගොමු යටද, ඇල්බර්ට් ශාලාවේ ද, අප ආ ගිය සියලු තැන් වල ද මට හමුවුණු ආලෝකා, සැන්දෑ අහසක හා නා වර්ණ රැඳි විසිතුරු බව රැගත් සොඳුරු යොවනියක් ම වූවා ය.”

- දිලිප් -

“එතකොට අපේ මිනිස්සුන්ට විතර ද මේවා තහනම්...? ඉන්දියාවෙ බෙර ගහන්ඩ, සක් පිඹින්ඩ, කයිතාලම් ගහන්ඩ, ජෝගි නටන්ඩ පාර පුරා පුළුවන් නම් මහනුවරදි විතරද යකෝ ඒවා බැරි...? යකාගෙ කැලෑ නීතියක්නෙ මේක...”

-සයිමන්-

“මං හුඟක් වෙලාවට උඹල ගේ ධර්මපාලයි, ස්වාමි විවේකානන්දයි කියපු ඒව ගැන හිතනව... ඒව අහන්න... අහන්න... හිතන්න... හිතන්න... රසවත්... හැබැයි ප්‍රශ්නත් ගොඩයි...මං ඊට පස්සෙත් ගියා ධර්මපාල ඔය චිකාගෝ දේවස්ථානවලයි... තියොසොෆී කාර්යාලෙයි කරපු දේශනා අහන්න... මට හිතාගන්න බැරි ඉන්දියාවෙ ඔය කියන බුද්ධාගම දැන් නැත්තෙ මොකද කියල...?”

-ස්ටීවන් -

ISBN
9789553109859
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝබන මාලිගා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.