Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නීතිය
About this book

නීතීඥ එච්. එම්. ටී. ඩී. හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. දේශපාලන විද්‍යාව, නීතිය, ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර කටයුතු යන විෂයන් පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත ඔහු විසින් රචනා කරන ලද 'ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශය' කෘතිය මගින් විශේෂයෙන් යටත් විජිත පාලන කාලයේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවක් දක්වා වූ ගමනෙහි සුවිශේෂී සන්ධිස්ථාන ගෙන හැර දක්වයි. කෘතිය ආරම්භයේ දී ම දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව කතුවරයාගේ හැඳින්වීම ඉතා සරල මෙන්ම සවිස්තරාත්මක ය.

ලංකාවේ රාජාණ්ඩු යුගය, නිදහසට පෙර පැවති යටත් විජිත පාලන කාලය තුළ පැවති කෝල්බෲක්, කෲව් මැකලම්, මැනිං ඩෙවන්ෂෙයර්, ඩොනර්මෝර් හා සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ද, නිදහසින් පසු 1972 සහ 1978 සම්මත කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථා ද සරලව හා කෙටියෙන් මෙහි විස්තර කර ඇත. 1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද සංශෝධන දෙක ද, 1978 ජනරජ ව්‍යවස්ථාවට විසිඑක් වතාවක දී සිදු කළ සංශෝධන ද මෙහි සවිස්තරව දක්වා තිබීම විශේෂ ලක්ෂණයකි. කෲව් මැකලම් ආණ්ඩුක්‍රමය යටතේ ආරම්භ වන මහජන නියෝජන ක්‍රමය වර්තමානය දක්වා විහිදී ඇති ආකාරය මෙම ග්‍රන්ථය තුළින් ගෙනහැර දැක්වීම මෙහි තවත් විශේෂත්වයකි. නීතිය, දේශපාලන විද්‍යාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය හදාරන විද්‍යාර්ථීන්ට, පර්යේෂකයන්ට මෙන් ම ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සැමට හා සාමාන්‍ය පාඨකයාට දැනුමක් හා අවබෝධයක් ලබාදීමට මෙය මහෝපකාරී වනු ඇත.

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා,

මණ්ඩපාධිපති,

ශ්‍රීපාලි මණ්ඩපය,

කොළඹ විශ්වවිද්‍යාලය.

ISBN
9786242043166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.