Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / Law නීතිය / ශ්‍රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

ශ්‍රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

About this book

සේවකයන් සහ සේව්‍යයන් අතර නිරතුරුවම පැණ නගින දහසකුත් එකක් ගැටලු අතර කාර්මික ආරවුල්වලට තුඩුදෙන කරුණු ඉතා සුලභය. වඩා සංකීර්ණ වූ ආර්ථික රටාවකට නැඹුරු වී සිටින අපි යල්පැනගිය නීති ක්‍රම වලට හුරුව ඒ ඔස්සේ ගැටලු විසඳා ගැනීමට දරන ප්‍රයත්න බොහෝවිට ව්‍යාකුල තත්වයකට පත්වී ඇති බව පෙනේ. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි සියුම් ප්‍රශ්න පසුව විශාල ගැටුම් බවට පත්වී ඇති ආකාරයද අප දැක ඇත.

මේ සෑම ආරවුලකටම මූලිකවම හේතු පාදක වී ඇත්තේ සේවක-සේව්‍ය අරගලය බව මට සිතේ.

කතුවරයා මෙම කෘතියෙන්, සේවක සේව්‍ය ආරවුල්වලදී වඩා විධිමත්ව සහ සාධාරණව ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කරමින්, දෙපාර්ශවයේම දෝෂයන්ට නිසි විසඳුම් යෝජනා කරමින් කරුණු සාකච්ඡා කර ඇත.

විවිධ කෘතීන් ගණනාවක් බිහිකර ඇති මෙම ලේඛකයා තම වෘත්තීය දැනුමත් ප්‍රායෝගික දැනුමත් විවිධ විනය පරීක්ෂණයන්ටමුහුණ දෙමින් ලබාගත් දැනුම් සම්භාරයත් මෙම කෘතියට පාදක කරගෙන ඇති බව කිව හැකිය. එම නිසා මෙම ග්‍රන්ථය සෑම සේවකයෙකු සහ සේවායෝජකයෙකු විසින්ම පරිශීලනය කළයුතු ග්‍රන්ථයක් සේ මම සලකමි.


නීතිඥ ප්‍රේමසිරි ඩොමින්ගෝ ( එල් එල් බී)

බුද්ධිය දේපල අයිතීන් පිලිබඳ ඩිප්ලෝමා

විශ්‍රාමලත් රේගු අධ්‍යක්ෂක
Details
ISBN
9789556564754
පිටු ගණන (Pages)
133
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

Reviews are published once a member of our team has read them.