Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / විෂමාචාර සහ විනය පරීක්ෂණ

විෂමාචාර සහ විනය පරීක්ෂණ

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

සේවකයන් සහ සේව්‍යයන් අතර නිරතුරුවම පැණ නගින දහසකුත් එකක් ගැටලු අතර කාර්මික ආරවුල්වලට තුඩුදෙන කරුණු ඉතා සුලභය. වඩා සංකීර්ණ වූ ආර්ථික රටාවකට නැඹුරු වී සිටින අපි යල්පැනගිය නීති ක්‍රම වලට හුරුව ඒ ඔස්සේ ගැටලු විසඳා ගැනීමට දරන ප්‍රයත්න බොහෝවිට ව්‍යාකුල තත්වයකට පත්වී ඇති බව පෙනේ. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි සියුම් ප්‍රශ්න පසුව විශාල ගැටුම් බවට පත්වී ඇති ආකාරයද අප දැක ඇත.

මේ සෑම ආරවුලකටම මූලිකවම හේතු පාදක වී ඇත්තේ සේවක-සේව්‍ය අරගලය බව මට සිතේ.

කතුවරයා මෙම කෘතියෙන්, සේවක සේව්‍ය ආරවුල්වලදී වඩා විධිමත්ව සහ සාධාරණව ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කරමින්, දෙපාර්ශවයේම දෝෂයන්ට නිසි විසඳුම් යෝජනා කරමින් කරුණු සාකච්ඡා කර ඇත.

විවිධ කෘතීන් ගණනාවක් බිහිකර ඇති මෙම ලේඛකයා තම වෘත්තීය දැනුමත් ප්‍රායෝගික දැනුමත් විවිධ විනය පරීක්ෂණයන්ටමුහුණ දෙමින් ලබාගත් දැනුම් සම්භාරයත් මෙම කෘතියට පාදක කරගෙන ඇති බව කිව හැකිය. එම නිසා මෙම ග්‍රන්ථය සෑම සේවකයෙකු සහ සේවායෝජකයෙකු විසින්ම පරිශීලනය කළයුතු ග්‍රන්ථයක් සේ මම සලකමි.


නීතිඥ ප්‍රේමසිරි ඩොමින්ගෝ ( එල් එල් බී)

බුද්ධිය දේපල අයිතීන් පිලිබඳ ඩිප්ලෝමා

විශ්‍රාමලත් රේගු අධ්‍යක්ෂක
Details
ISBN
9789556564709
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
ආන්දෝලනාත්මක නඩු තීන්දු හතක් ආන්දෝලනාත්මක නඩු තීන්දු හතක් එස්. එම්. ජයසූරිය රු. 144.00 කාන්තාව විවාහය සහ දික්කසාදය කාන්තාව විවාහය සහ දික්කසාදය අතුල ප්රේමරත්න රු. 405.00 සිවිල් නඩු විධාන සංග්රහය නඩු තීන්දු සිවිල් නඩු විධාන සංග්රහය නඩු තීන්දු ප්රසන්න ද සොයිසා රු. 2,400.00 The Law before the Court The Law before the Court මංජුල කරුණාරත්න රු. 2,400.00 නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති නිලන්ත හෙට්ටිගේ රු. 1,080.00 රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු ඒ. ජේ. ඒ. අබේනායක රු. 1,520.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විෂමාචාර සහ විනය පරීක්ෂණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.