ශ්‍රී ලංකාවේ පාරිසරික නීති සහ ප්‍රතිපත්ති
ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විවිධ නෛනතික විධිවිධානයන් නීතිගත වී පවතියි. ජාතික වශයෙන් සම්පාදිත ශ්‍රී ලංකාවේ පාරිසරික නීති හා ප්‍රතිපත්ති තුළින් මෙරට පාරිසරික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව මුලික අවධානයක් යොමු කර ඇති අතර සමකාලීන පාරිසරික ගැටළු කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ පරිසරය හා සම්බන්ධ නීති හා ප්‍රතිපත්ති වරින් වර නීතිගත වුවත් මේ පිළිබඳ සිවිල් සමාජයෙහි දැනුවත් භාවය ප්‍රශස්ත මට්ටමක පවතී යැයි සඳහන් කළ නොහැකි වේ. මන්දයත් පාරිසරික නීම් පිළිබල මූලාශ්‍ර ග්‍රන්ථයන් ප්‍රමාණවත් පරිදි සම්පාදනය වී නොමැතිවීම හා ප්‍රජාවට පහසුමෙන් පරිසරය හා සම්බන්ධ නෛතික විධිවිධානයන් සපයා ගැනීමේ නොහැකියාව ඒ සඳහා හේතුව පවතියි. මෙම ගැටළුව යම් මට්ටමකින් හෝ අවම කරගැනීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇති අතර එමඟින් වඩාත් පහසුවෙන් පාරිසරික නීති හා ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධය පාඨකයා වෙත ලබා දීමට කතුවරයා උත්සහ කර තිබේ. එබැවින් මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පාරිසරික නීති හා ප්‍රතිපත්ති පිළිබඳව සමාජය දැනුවත් කිරීමෙහිලා සම්පාදිත අනර්ග ග්‍රන්ථයක් ලෙස සඳහන් කළ හැකි ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වන ආචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර පොරමඩුල්ල මධ්‍යම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ද, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ නොර්වේජියානු විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක්ද, - ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද හිමිකරගෙන තිබේ. ස්වභාවික සම්පත් හා පාරිසරික කළමනාකරණය මෙන්ම පාරිසරික වෙනස්වීම් යන ක්‍ෂේත්‍රයන්හි පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිටින මොහු මෙම ක්‍ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුමකින් යුත් ආචාර්යවරයෙකු වන අතර පාරිසරික ක්‍ෂේත්‍රයන්හි දැනුම් සම්භාරය පුළුල් කිරීමට වෙහෙසී කටයුතු කරනු ලබයි.
විනේතෘ මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
භූගෝලවිද්‍යා දෙපාර්තමේන්තුව, කැළණිය විශ්වවිද්‍යාලය සහ සභාපති, මධ්‍යම පරිසර අධිකාරිය
-
It's a wonderful bookIt's full of information I love it
-
Mystery valleyA story of 4 teens in search of a mystery. They face many challenges but will they make it?