සුබාවෝ
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා ඔහුගේ පවුලේ අයට අත්වුණු ඛේදවාචකයක් හා ඊට වගකිව යුතු අමන දේශපාලනඥයකු හා ඔහුගේ සගයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ පුවතක් කොටි සංවිධානය උතුරේ බලය පැතිරවූ කාලය ද පසුබිම් කරගෙන ප්‍රකාශ කෙරෙන "සුබාවෝ" නවකතාව ආශාවෙන් කියවාගෙන යා හැකි වෘතාන්තයක් වෙයි. කුතුහලයෙන් යුක්තව කථාව ඇරඹෙන්නේ ඛේදවාචකයෙන් බේරුණු
ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටින මාධ්‍යවේදියාගේ දියණියක වන සුබා ඕනෑම තැනක සිටින පුද්ගලයෙකු වෙත එල්ල කළ හැකි සූක්ෂම මිසයිලයක් නිර්මාණය
කිරීම පිළිබඳ අපූරු තොරතුරකි.
නොයෙක් අකටයුතුකම් සිදුකරන ඉහත කී දේශපාලනඥයා හා ඔහුගේ සගයෙකුට ස්වභාවධර්මය විසින් දැඬුවම් ලබා දෙනු ලබන අතර නොයෙක් විපත්වලට මුහුණ දුන් සුබා සහ තවත් දියණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව වන අයුරින් කථාව අවසානයෙහි හෙලි වෙයි. සමාජ ආර්ථික දේශපාලන යථාර්තයෙන් ඔප් නැංවුණු කෘතිය පාඨකයාට වින්දනයක් ලබා දෙන අතරම ඔහුගේ බුද්ධියට ද අමතයි.
මේ වන විට නවකතා, කෙටි කතා, යොවුන් කතා, කාව්‍ය සංග්‍රහ, චාරිකා ග්‍රන්ථ, චිත්‍රපට තිරනාටක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළුව කෘති තිස් හතරක් පළ කොට ඇති නිහාල් පී. ජයතුංගගේ 35 වැනි කෘතිය මෙයයි. උපතින් ගැමියකු වන ඔහු බොහෝ දෙනෙකු ස්වකීය ජීවිතයේ දී නොලබන අන්දමේ නොයෙකුත් හැල හැප්පීම්වලට මුහුණ දීමෙන් ලද පන්නරය ඔහුගේ මෙම කෘතිවල නිර්ව්‍යාජ ලෙස පිළිබිඹු වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.