Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළං කෝඩ

සුළං කෝඩ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මෙම නවකතාවේ කතුවරිය වූ චන්ද්‍රා ගුණසේකර මගේ පාසල් මිතුරියකි. ජීවිතයේ යොවුන් වසන්තය නිමා කළ පාසල් අවධියට සමුදෙන විට අප විසිර ගියේ "කොතැනකදී හෝ යළි හමුවේවි” යන දුක්මුසු එහෙත් තිරසර අධිෂ්ඨානයෙනි. චී පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ අප උසස් පෙළ හදාරමින් සිටි කාලාවධිය යි.

"

ගිය

ඉන් මොබෙහි අඩ සියවසක් පමණ ඉකුත්ව කාලාවකාශය ඇතුළත ශ්‍රී ලංකාවේත්, එක්සත් රාජධානියේත් වෘත්තියෙන් හෙදියක වීමත්, ජීවිතයත් අතර වෙනස නුදුටු තරමට වෘත්තියට ම කැප වූ අත්දැකීම් රැසකින් ජීවන ඔලොගුව පුරවාගෙන සිටි ඇය යළි මට මුණගැසෙන විට ලේඛිකාවක්ව සිටියාය. ඊට පාදක වී ඇත්තේ ද ඇගේ වෘත්තීය ජීවිතයයි.

‛සුළං කෝඩ” ඇගේ කුලුඳුල් නවකතාවයි. නවකතා මාධ්‍ය සම්බන්ධයෙන් සපයා තිබෙන බහුවිධ විවරණ අතර, නවකතාව යනු “සත්‍යයත් මිථ්‍යාවත් අතර පවතින නිර්මාණාත්මක ලේඛන විශේෂයක්” යන සංකල්පය කිසිවෙක් බැහැර නොකරති. චන්ද්‍රාවන් සිය නවකතාව ගෙතීමට පාදක කර ගන්නී, සත්‍ය කතා පුවතක් බව පවසන්නීය. එක්සත් රාජධානියේ දී දැන හඳුනාගත් ඇගේ සමීප මිතුරියක අත්විඳි මෙම පුවත ඇසීමෙන් හටගත් බලවත් කම්පාව ‛සුළං කෝඩ’ බිහිවීමේ හේතුකාරකය බව කතුවරියගේ පිළිගැනීමයි.

මෙහි විකාශනය වන කේන්ද්‍රීය චරිතය එක්සත් රාජධානියේ හෙද වෘත්තියේ නිමග්න වන ධම්මිගේ සත්‍ය කතා පුවත හා අතිශය ලෙස බැඳී පවතී. එබැවින් මෙම කෘතිය ප්‍රබන්ධකරණ ශානරයට අයත් සත්‍ය කතාවක් ඇසුරින් ප්‍රණීත කළ (factional) නවකතාවක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත යැයි සිතමි.

නිශ්ශංක දිද්දෙණිය

ISBN
9786242042336
පිටු ගණන (Pages)
133
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුළං කෝඩ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.