Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළඟ හෙමින් හැමුවාවේ

සුළඟ හෙමින් හැමුවාවේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දෙවියනේ ඔයා කොහෙද මෙහෙ.....?"

දෑස විසල් කරගත් මා ඇසුවේ අතිශය පුදුමයෙනි.

උස් වූ මගේ ස්වරය අභියස ඔහුට

තව තවත් සිනහ පහළ විය. කාර්යාලීය ඇඳුමෙන්

සැරසී සිටි ඔහු වෙතින් වෙහෙසකර

බවක් පළවුන ද ඒ දුඹුරුවන් දැසේ වූ නොසැලෙන බව බිඳකුදු

නොවෙනස්ව පැවතුණි. මට වඩා වසර දහයක් පමණ වැඩිමල් වුවද

කයිල් බොහෝ කඩවසම් යැයි හැඟුනෙන් මට ඒ

පිළිබඳ සියුම් ආඩම්බරයක් නොදැනුනා නොවේ.

 "ඔයා තවත් ලස්සන වෙලා සැමී...... චූටි බයිසිකලේකුත්

තල්ලු කරන් පල්ලම බහිද්දී මං හිතුවෙ ඉස්කෝලෙ

යන කෙල්ලෙක් කියල.....ඔයාගෙම පන්තියේ ළමයිනුත් ඔයාට

ඇහැදානව ඇති කියලා මං කිව්වෙ බොරු නෙමේ...”

ඔහු පවසන කල මම හඬනගා සිනාසුනෙමි. 

කයිල්ගේ පැමිණීම මට සතුටක් ගෙන දුන්නාද...?

මා සිත යටින් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාද....?

මම නොදනිමි. මා සිනා සෙමින් ඔහු අසලට යද්දී

බයිසිකලයෙන් නිදහස්ව තිබූ මගේ වමත ගත් ඔහු

එය සියතට ගෙන තද කළේය. සිනහවක් පෑ මම ඉවත බැලුවෙමි.

එහෙත් පසෙකින් මා දෙස ඔරවාගෙන මෙන් බලා

සිටි රුව අභියස මගේ සිත සසල විය.

ISBN
9786245626083
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුළඟ හෙමින් හැමුවාවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.