අබලන්ව තිබූ මාර්ගය ගමනේ දුෂ්කරතාව කදිමට කියා පෑවේය. අයියා සිටින්නේ මෙතරම් දුෂ්කරතා මැද්දේදැයි සිතූ රෙහාන් මෙවැනි රැකියාවක් කරනවාට වඩා නිවසේ සිට කුමක් හෝ කිරීම මීට වඩා වටිනවා නොවේදැයි සිතුවේය.
ගැමියකුගෙන් තොරතුරු අසාගත් රෙහාන් පාසල අසල සිය වාහනය නතරකර ගුරු නිවස වෙත ගියේ කිසියම් කලකිරීමකිනි. මෙපමණ දුෂ්කරතා මැද්දේත් තම සහෝදරයා කුමකට මෙතරම් දුක් විඳින්නේදැයි ඔහුට සිතිණි.
පාසල වසා තිබීමෙන් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. පැරණි අඹ ගසකින් සෙවණ කළ ගුරු නිවසේ මිදුල බොරලුවලින් පිරි තිබිණි. දියසෙවල බැඳී තිබුණ බිත්ති කාලයකින් පිරිසිදු කළ බවක් පෙනුණේ නැත. වහල සෙවිළි කර තිබුණේ සිංහල උළු වලිනි. පලු දෙකකින් සකසා තිබූ ඉදිරිපස දොරට ආසන්නයේ කුඩා ජනේලයක් දකින්නට ලැබිණි. එක් පියනක් සරණේරුවලින් ගැලවී එල්ලා හැලෙන්නට ඔන්න මෙන්නය. අනෙක අඩක් වැසී ඇත.
රෙහාන් හෙමින් ජනෙල් කවුළු අතරින් එබී බැලුවේය. ඔහුට දෙනෙත් අදහාගත නොහැකිය. සිය අල්ල මත පිඟාන තබා දිවා ආහාරය ගන්නා තම සහෝදරයා දැකීමෙන් අප්‍රමාණ දුකකට පත් රෙහාන්ට කෑගසා හඬන්නට තරම් දුකක් ඇති විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.