Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුලවත

සුලවත

About this book

අබලන්ව තිබූ මාර්ගය ගමනේ දුෂ්කරතාව කදිමට කියා පෑවේය. අයියා සිටින්නේ මෙතරම් දුෂ්කරතා මැද්දේදැයි සිතූ රෙහාන් මෙවැනි රැකියාවක් කරනවාට වඩා නිවසේ සිට කුමක් හෝ කිරීම මීට වඩා වටිනවා නොවේදැයි සිතුවේය. 

ගැමියකුගෙන් තොරතුරු අසාගත් රෙහාන් පාසල අසල සිය වාහනය නතරකර ගුරු නිවස වෙත ගියේ කිසියම් කලකිරීමකිනි. මෙපමණ දුෂ්කරතා මැද්දේත් තම සහෝදරයා කුමකට මෙතරම් දුක් විඳින්නේදැයි ඔහුට සිතිණි. 

පාසල වසා තිබීමෙන් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. පැරණි අඹ ගසකින් සෙවණ කළ ගුරු නිවසේ මිදුල බොරලුවලින් පිරි තිබිණි. දියසෙවල බැඳී තිබුණ බිත්ති කාලයකින් පිරිසිදු කළ බවක් පෙනුණේ නැත. වහල සෙවිළි කර තිබුණේ සිංහල උළු වලිනි. පලු දෙකකින් සකසා තිබූ ඉදිරිපස දොරට ආසන්නයේ කුඩා ජනේලයක් දකින්නට ලැබිණි. එක් පියනක් සරණේරුවලින් ගැලවී එල්ලා හැලෙන්නට ඔන්න මෙන්නය. අනෙක අඩක් වැසී ඇත. 

රෙහාන් හෙමින් ජනෙල් කවුළු අතරින් එබී බැලුවේය. ඔහුට දෙනෙත් අදහාගත නොහැකිය. සිය අල්ල මත පිඟාන තබා දිවා ආහාරය ගන්නා තම සහෝදරයා දැකීමෙන් අප්‍රමාණ දුකකට පත් රෙහාන්ට කෑගසා හඬන්නට තරම් දුකක් ඇති විය.

Details
ISBN
9786245710263
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සුලවත

Reviews are published once a member of our team has read them.