සුසංයෝගය
මෙම නවකතාවට ප්‍රස්තුත වන්නේ වසර පනහකට පමණ පෙර අපේ සමාජය තුළ අදට වඩා මුල් බැස ගෙන තිබුණ සමාජීය තත්වයකි. එම සමාජීය වටිනාකම් හේතුවෙන් මහත් පීඩාවට පත් ජන කොටස් සිටියහ. මගේ කුඩා කාලයෙහිද, ගැටවර වියෙහිද, යෞවනයෙහිද එසේ සමාජයෙන් පහත් තත්වයෙහි ලා සලකන ලද ජන කොටස් මම දැක ඇත්තෙමි. මේ නවකතාවේ වස්තු බීජය ජනිත වූයේ එවැනි පසුබිමකය. ඒ පසුබිමෙහි සපුරා මගේම නිබන්ධයක් නිර්මාණය වී ඇත. ගතනුගතික සමාජය තුළ සුවිශේෂ වීර චරිත තුනක් මා නිර්මාණය කළේ එම සමාජ පරිසරය වෙනස් කිරීමට අධ්‍යාපනය සහ ආගම යන සිද්ධාන්තයන් දෙකට උපහාර වශයෙනි. නායක හාමුදුරුවන්ගේ චරිතයත්, විදුහල්පති තුමාගේ චරිතයත් මේ නවකතාවේ සුවිශේෂ වෙයි.
අපේ සංස්කෘතික වටිනාකම් ගැන තැකීමක් නොමැති ලන්සි මහතුන් දෙදෙනෙකු විසින් සුරූපී තරුණියන් දෙදෙනා විවාහ වීමට සලස්වන ලද්දේද ආරූඪ කර ගත් පුහු වටිනාකම් බිඳ දැමීම සඳහාමය. මේ නවකතාව "සුසංයෝගය" ලෙසින් නම් කරනු ලැබුවේ එක සුසංයෝගයක් නොව සුසංයෝග කිහිපයක්ම මේ කතාව තුළ නිර්මාණය වන නිසයි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.