ස්වප්න සේයා
ඇය…
ඔබත් මමත් සේම මෙලොව ජීවත්වන, කුමන හෝ අවාසනාවකට මවුපිය සෙනෙහස අහිමිව ගිය තරුණියකි. ඇය මට හමුවූයේත් ඇගේ කතාව මා හා පැවසුවේත් නිර්නාමිකවය. ඇගේ පැටළුණු ගැටලුව ලිහා ගැනීමට මා හට කළ හැක්කක් නොවුණත් ඇය කීවේ කතාව ලියන්න කියායි.
ආරණ්‍යා…
ඇය බියවන සිහිනයක් නිතිපතා දුටුවාය. ඇගේ ජීවිතය නොසන්සුන් කරමින් සිහිනෙන් ඈ ළඟට එන්නී ඇගේ අම්මාය. ඇයට අම්මා යමක් පැවසීමට උත්සාහ දරන බව පෙනුණත් ඒ කුමක් දැයි ඇයට වටහා ගන්නට නොහැක. ඉතින් ඈ එය වටහාගන්නට, ඒ කුමක්දැයි සොයා ගන්නට උත්සාහ දරන්නීය. ඈ අදටත්, අහම්බෙන් අසන්නට ලැබුණු තොරතුරක් මත ඇගේ ලේ උරුමය සොයමින් යන්නියකි.
මෙය ඇගේ සත්‍ය කතාවයි. ප්‍රබන්ධය වූයේ අවසානය පමණි. කාලයෙන් සැඟවී ගිය තම ජීවිත කතාව සොයනා ඇයව ඔබටත් මතු දවසක මුණගැසෙනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.