ස්වර්ණරාගය
සසර කලකිරී වනාන්තරයක බවුන් වඩන තරුණ භික්ෂුවක් හා ගැමි සමාජයෙන් කොන් කරන ලද ලෙඩ තරුණියක් අතර පවත්නා මේ ප්‍රේමය සමාජ සම්මතයන්ට පටහැණි අසම්මත එකකි. මම එය දැන දැනත් ඉදිරියට නොතේරෙන නැතහොත් නොහැඟෙන අයෙකු සේ ලෙඩ කෙල්ලගේ මිහිරියාව තුළ ගිලෙමින් එය විඳිමින් ලෙන තුළට වී ජීවත් වීමි. ඒ කාලය පුරාවට ජීවිතයෙන් පලා මග හැරුණු වන්දනාකරුවා අඳුරු ලෙන කුහරයේ පත්ලක සැගවී ගැඹුරු නින්දකට වැටී සිටියේ ය. නැතහොත් මා විසින්ම ඔහුට ඉස්මතු නොවීමට ඉඩ නොදී යටපත් කරගෙන ජීවත් වුණෙමි. නමුත් සියල්ල තාවකාලිකය. ලෙඩ කෙල්ල තුළින් ලද මිහිර ද තාවකාලිකය. එය අවබෝධ වන්නට මා හට කාලයක් එහිම ගිලී එයම පරම සුවය ලෙස විඳිමින් සිටින්නට සිදුවිය. ඒ කාලය පුරාවට කිසි විටෙකත් මා හට ජීවය දුන් හිමියන් සිහි නොවීම ද පුදුම සහගතය. තාවකාලික මිහිර තුළ ගිලී එහි අනන්තය අවබෝධ කරගන්නට ඉඩ හැර උන්වහන්සේ මාගෙන් ඈත්වූවා සේ ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.