Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය

ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය

ප්‍රකාශක (Publisher): මලිති ප්‍රකාශන - Malithi Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

19වන සියවසේ ලෝක සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබූ ලේඛකයන් දෙපළක් ලෙස එඩ්ගාර් රයිස් බරෝස් සහ රයිඩර් හැගාර්ඩ් සැලකෙයි. රයිස් බරෝස් වඩාත් ජනප්‍රිය කරවීමට ඔහුගේ ටාර්සන් පොත් පෙළ හේතු විය. පසුකාලීනව සිනමාවට සහ මාලා නාටකවලට ද නැගුණු ටාර්සන් කතා මාලාව අදටත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ පවතී. රයිඩර් හැගාඩ්ගේ කෘති රැසක් සිංහලට ද පරිවර්තනය විය. ඒ අතුරින් "ඈ”, "ඈ හෙවත් අයේෂා”, "ඈ සහ ඇලන්” වැනි කෘති නොමඳ පාඨක අවධානයට ලක්විය.

ටාර්සන් සහ ඇලන් යනු මේ ලෝ ප්‍රකට ලේඛකයන් දෙදෙනාගේ ජනප්‍රියම කෘතිවල චරිත දෙකක් ප්‍රස්තුත කර ගනිමින් නදී ගුණතිලක ලේඛිකාව ලියූ ස්වතන්ත්‍ර කෘතියයි.ලෝ ප්‍රකට ලේඛකයන් දෙදෙනාගේ ප්‍රධාන චරිත දෙකක් යොදා ගනිමින් එම චරිතවලට ද සාධාරණය ඉටු කරමින් නව නිර්මාණයක් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ලේඛිකාව ඒ අභියෝගය ජයගෙන ඇති බව කෘතිය කියවීමේදී පසක් වෙයි. මෙහිදී රයිස් බරෝගේ සහ රයිඩර් හැගාර්ඩ්ගේ කෘති මෙරටදී පරිවර්තනය වූ ශෛලියට සමාන ශෛලියකින් මෙම කෘතිය රචනා කිරීමට කතුවරිය උත්සාහ දරා තිබීම විශේෂිත ය. අසීරු අභියෝගයක් සාර්ථකව ජය ගැනීමට කතුවරිය දරා ඇති උත්සාහය අගය කළ යුතු ම ය.

මංජුල දිසානායක-

ISBN
978624608919
පිටු ගණන (Pages)
333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.