තාමරෛ මලර්
About this book
මං චිත්‍ර ශිල්පියෙක්. මගේ චිත්‍ර වල තේමාව වුණේ නෙළුම් මල්. පාට තැවරුණු පින්සල් තුඩින් කැන්වසය මත ඇඳෙන මලක් වගේ මගේ හදවතෙත් නෙළුම් මලක් පිපුණා. ඔව් ඒ ජීවමාන නෙළුම් මල මගේ ජීවිතේ තේමාව වෙලා මං ඉස්සරහට ආවා. ඒ අහල්‍යා නිත්‍ය දේවී ධර්මරාසා නමින්.
මං, අනුරාධ ඇසළ බණ්ඩාර.
මං ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. යාපනේ මුල් බැස ගත් දෙමළ පවුලක ලොකු දුව වුණු මං ඉපදුනේ එංගලන්තේ බැදීම් ඇතුලේ හිර වෙලා ඉඳලා රිදුම් දෙන හදවතත් අරන් මං පළවෙනි වතාවට ලංකාවට ආවේ මගේ නිබන්ධනය වෙනුවෙන් වුණාට ඒ ගමන මගේ ඉරණම් ගමන වෙලා සිංහල සිත්තරෙක් වුණු අනුරාධ ඇසළ බණ්ඩාර ළඟ නතර වෙන්න වෙයි කියලා මං හීනෙන් වත් හිතුවේ නෑ.
මං, අහල්‍යා නිත්‍යදේවී ධර්මරාසා.
Details
ISBN
9786246679231
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
මං චිත්‍ර ශිල්පියෙක්. මගේ චිත්‍ර වල තේමාව වුණේ නෙළුම් මල්. පාට තැවරුණු පින්සල් තුඩින් කැන්වසය මත ඇදෙන නෙළුම් මලක් වගේ මගේ හදවතෙත් නෙළුම් මලක් පිපුණා. ඔව් ඒ ජීවමාන නෙළුම් මල මගේ ජීවිතේ තේමාව වෙලා මං ඉස්සරහට ආවා. ඒ අහල්‍යා නිත්‍යදේවී ධර්මරාසා නමින්. මං,නවකතාවක් ලිවීම පහසු කාර්යයක් නොවෙයි. එය අභියෝගයක්. එය ලේඛක හෝ ලේඛිකාවන් දෙදෙනෙක් එක්ව ලිවීම තවත් අභියෝගයක් . රටවල් දෙකක වෙනස්ම සමාජ ස්තරයන් වල වෙසෙමින් එකම රිද්මය පවත්වා ගනිමින් දෙදෙනා විසින්
ජාතීන් දෙකක දෙදෙනෙක් අතර ඇති වන සබඳතාවක් පිළිබඳව කතාවක් ගොඩ නැගීම පහසු කාර්යය ක් නොවේ.
තාමරෛ මලර් එවන් අභියෝගයක සාර්ථක ඵලයක්.
සංස්කෘතීන් දෙකක් සම්බන්ධ වන කතාවකදී අදාළ සංස්කෘතීන් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු අතර භාෂාව , ආගමික විශ්වාස හා සිරිත් විරිත් වලට අනුකූලව චරිත හා සිද්ධින් ගොඩ නැගිය යුතුයි.
හසන්ති තුඩුහේන සහ සඳරේණු අමරසිංහ එම කාර්යය සාර්ථකව ඉටු කරමින් අපූරු රසවත් නවකතාවක් සිය පාඨකයන් ට ලබා දීමට සමත් වී ඇත.
Write a review
Write a review