Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පළවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැඳින් වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය ඔහු ලබාදුන් තොරතුරුවල නිවැරදි භාවය අනුව, ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියකු බව සොයාගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුද බලය, බටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම, ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැඳී සිටිමින්, තමන් සතුව “දේව හස්තය” ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතමයන්ට පවසා තිබූ බව දැනගත් පසු, මෙය නිසැකයෙන් ම විෂ වායු හෝ විෂ බීජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කරන බ්‍රිතාන්‍ය-ඇමෙරිකා සංධානය එය තබා ඇති ස්ථානය සොයාගැනීමට හා එය විනාශ කිරීමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ.

අහසට නොපෙනෙන සේ සඟවා ඇති, ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යයි කියූ මෙම භයානක ගිනි අවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වූයේද?

ISBN
9789556565034
පිටු ගණන (Pages)
472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දේව හස්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.