Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / තීර්ථය හැරයාම

තීර්ථය හැරයාම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතය සුන්දර හෝ අසුන්දර කරන්නේ මවාගත් ලෝකයේ ශක්‍යතාවයන් ඉටුවීම හෝ ඉටුනොවීම මතය. මිනිස්සු යථා ලෝකයේ සිනාසෙමින් සිටියද, සිතේ කොහේ හෝ මුල්ලක ඉටු නොවුණ ප්‍රාර්ථනාවක් සිරකර තබාගෙන ඇත. ඒවා නොලබාම ජීවිත ගමන ගෙවා දමන්නෝ බොහෝය. ඔවුනට කොතැනක හෝ වරදක් සිදු වී ඇති බව පැහැදිලිය; එහෙත් පරිකල්පනය තුළ ජීවත් වෙමින්, මනෝ ලෝකයේ යථාර්ථය මඳ කලකට හෝ සම්පූර්ණ කරගත් අය සිහින ලෝකයේ සැරිසරන්නෝම ලෙස බැහැර කළ නොහැකිය. ඒව සමහරෙක් අකුරුවලින් කියාපාන ජීවිතාගමනයක කෘතියක් නිර්මාණය කරන්නේය. නිර්මාණ නොවූයේ නම්, ඔහුගේ සිත් තුළ අහ්ලාද ජනක ලෙස ඇති වී නැති වී යන්නේය.

තීර්තය හැරයාම පීඩාකාරී පරිසරයක ජීවත් වෙමින් සැනසුම සොයා යන්නන්ගේ කථාන්තරයයි. මෙය මගේ දියකඩපහන පොතේ දිගුවක් ලෙස දැක්විය හැකිය. ඔබ ‍දශක හයක හෝ හතක නුවර කලාවියේ අතීතය සුන්දර යයි සිතන්නේ නම්, එම යථා ලෝකය ග්‍රහණය කිරීමට මෙය අත්වැලක් වනු ඇත.

ISBN
9789553106377
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තීර්ථය හැරයාම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.