තිලක සිත - ජීවිතය කතන්දර ලෙස 1
මේ පොතේ ලිපි ගැන අදහස් කිහිපයක්.....
(තිලක සිත බ්ලොක් අඩවියෙන්)
එක හුස්මට කියවන්න පුළුවන්
තිලක සිත ජීවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු ලස්සනම, රසම පොතක්... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුළු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුළුවන්..!
සෞම්‍ය සඳරුවන් ලියනගේ
හරි පුදුමයි
සුන්දර සරල, කාව්‍යමය සිංහලෙන් හැම කතාවකම අවසන, හද ගැස්ම නැවතී, දෑස් පුපුරා කදුළු උණන හැටි. හරි පුදුමයි! සියුම් මානුෂික සම්බන්ධතා, මිනිසා විසින් මිනිසුන් සඳහාම පනවා තිබෙන සියලු මායිම් බිඳ දමා එක විශ්වීය සිද්ධාන්තයක් සේ ඔබේ පෑන් තුඩින් බිහි වී ඇති
කෝසල තිලකරත්න
හිත පසාරු කරගෙන ගියා
තිලක සිත බ්ලොගය එහෙන් මෙහෙන් කියෙව්වත් අපේ මරණයගේ හොඳම පොත් ලිස්ට් එකට තිලක සිත පොතත් එකතු වෙලා තිබ්බා. කොළඹ ඉඳන් මැලේසියා යනකන් ප්ලේන් එකේ කියවන්න ලැප්ටොප් බෑග් එකට දාගත්තු එකම පොතත් ඒක. කතා 40 ගැනම මගේ හිතේ මැවුණු සිතුවිලි ප්‍රමාණේ අනන්තයි. කථා 10–11ක් නම් හිත පසාරු කරගෙන ගියා...
අංජන ජයවීර
සිනා සයුරක කුතුහලයක අපව තබයි 'තිලක සිත'
නොබෝදා දොරට වැඩම වූ 'තිලක සිත'
කතා අහුර හෙළි කළ කතුතුමා වෙත
ගෙතූ අපූරුව පසසන සිතැඟි මත
සුබාසිරි පතමි පළමුව සිතින් ඉත
සරල සුගම ආරක අනුගමනයක
බරට බරක් අත්දැකුමින් යුත් සෙයක
වරෙක සිනා සයුරක ගිලෙනු දැක
සුරැක තබයි පාඨක සිත කුතුහලෙක
ඛේමා කරුණාතිලක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.