Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තිත් යට කොමා

තිත් යට කොමා

About this book

ආදරණීය ක්‍යාරා,

තිතක් යට කොමාවක් දානවා කියන්නේ මොකක්ද දන්නවාද ? ඒ තිත් කොමාව. වාක්‍යයක් ඉවර වෙලා තිත් කොමාව දැම්මාම ඒ වාක්‍යය ට විරාමයක් එකතු වෙනවා. හැබැයි වාක්‍යය අවසන් වෙන්නෙ නෑ. ඒත් එක්කම තිත් කොමාවෙන් පස්සෙ තව වාක්‍යයක් එනවා. ඒක අනිවාර්යෙන්ම පළවෙනි වාක්‍යයට සම්බන්ධයි.

අපි දෙන්නත් සමු ගන්න හැම වතාවකම අපේ සම්බන්දෙට තිත් කොමාව දා ගත්ත මිනිස්සු. අපි දන්නෙ නෑ මේ වාක්‍යය කවදා කොහොම නිමා වෙයිද කියලා. ඒක සතුටින් එක්වුහ. වෙන්නත් පුලුවන්. වේදනාවෙන් නික්මුණහ. වෙන්නත් පුලුවන්.

ආදරයෙන්

තරු

 

තමන්ගෙ නොවෙන බව දැන දැන තමන්ගෙන් ගිලිහුණාට පස්සෙ නොදැනෙන්න ලග ඉදගෙන පරිස්සම් කරන්න පුලුවන් තරම් හිතක් කාටද තියෙන්නෙ තරු... මිනිස්සු තමන්ගෙන් ගිලිහුනාට පස්සෙ ආදරේ කරපු කෙනාව යකාටම ගියාදෙන් අතාරිනවා. අපි කියමු අමතක කරන් නෑ කියලා. ඒත් කාටද පුලුවන් කියන්නකෝ. එහෙම මං ගාව මට නොදැනෙන්න ඉන්න.."

- ක්‍යාරා -

Details
ISBN
9786245558964
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තිත් යට කොමා

Reviews are published once a member of our team has read them.