තුදුස්වක
ඇතැමුන් එන්නේද හිස් අතිනි. ආපසු යන්නේද හිස් අතිනි. තවත් සමහරෙකු, පෙර සසරේ ඇති කරගත් බැඳිම්ද රැගෙන එති. ඒවා හදවතේ ගැඹුරුම තැනක පරිස්මෙන් සඟවාගෙන සිටිනා ඔවුහු නිසි කාලය එළැඹෙන විට ඒ බැඳිම් ඇති කර ගනිති. ලෝකයේ කොායි අස්සක මුල්ලක සිටියද සංසාරගත බැඳිම් වලට ඒ කිසිදු බාධාවක් අදාළ නැත. වාදිශගෙන් කෙදිනක හෝ ඔහුගෙ අත ගන්නා පාද පරිචාරිකාවගෙන් බැඳිම ඒ තරම් බලගතුය. වාදිශගෙ කේන්දරය පරීක්ෂා කර බැලිමේදී, හමුවීම ඉදිරියෙන්ම වෙන්වීමක්ද ලියැවී ඇති බව ලොකු හාමුදුරුවන්ට පෙනී ගියහ. ඒ ඈත සසරේ දෙදෙනා විසින්ම සහ සම්බන්ධවී කරගත් අකුසල කර්මයක විපාකයක් වශයෙනි. මේ භවයේදි යම් කාලයකට පසුව ඒ සියළු පව් ගෙවි අහවරව යන බවත්, ඒ සඳහා වාදිශ විසින් තෝරා ගෙන තිබෙන රැකියාවේ ස්වාභාවයත් බලපාන බව උන්වහන්සේට පෙනිණි.
''දිසානායක නැන්දා මට මනමාලයෙන් හොයනවා කිව්වේ.''
''ඔයාට?'' වාදිශ ඇසුවේ නළල රැළි ගන්වමිනි. යුවතිය හිස වැනුවාය.
''හා.. එන එකෙකුට එන්න කියන්නකො.. ඉතුරු ටික මම බලාගන්නම්.'' ධාරා සිනාසුණාය. ඔහුගෙ ප්‍රේමය ගැන තව අටුවා ටීකා කුමකට දැයි ඇයට සිතිණි.
වාදිශ උමතු වන්නෙ ඇගේ කෝපි මල් සිනාවටය. ඇය සිනාසෙද්දි ඔහුගෙ ළය අමුතුම මිහිරකින් පිරි යන්නේය. ඒ ඇයි දැයි කියා ඔහුටම වැටහෙන්නෙ නැත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.