තුල්‍ය රූප
මං ලියන පොතේ මුල්ම පිටුව වෙන් කරලා තියෙන්නේ එයාට. මං ඉල්ලීමක් කරලා තියෙනවා . කවද හරි මං මැරුණ දවසක මාව මල් පිපෙන ගහක් යට වළලන්න කියලා. එතකොට මගේ සොහොන ළඟට එයා ආවම මං මලක් වෙලා එයාගේ කකුල් දෙක ළඟ වැටෙනවා
-රාධිකා
අර ඇරලා දාලා තියෙන්නේ එයාගෙ කාමරේ. මේසෙ උඩ තිබුනෙ එයා ලියපු අකුරු. දන්නේ නෑ කියන්නේ කොහොමද?
-බිපාෂා
පාර වරද්දා ගත්ත කෙනෙකුට නිසි මග පෙන්නන එක යුතුකමක්. ස්තූතියක් අවශ්‍ය නෑ බිපාෂා.
-ඉන්දූර්
මට මුකුත් මතක නෑ තමයි. ඒ වුනාට පංචස්කන්ධෙ මේ ගෙදර තියාගෙන ඔහේ හිතෙන් රට රටවල් වලට යනවට මං කැමති නෑ.
-සිමියොන්
මං ඉන්නේ ආදරෙන්.කා ගැනද කියා අහන්න එපා. ඒ ආදරේ ඔය හතර දෙනාගෙන් කෙනෙක් එකක් වුනත් වෙන්න පුළුවන්. හතර දෙනා ගැනම වෙන්නත් පුළුවන්.
-ස්වස්තික
ගෑනු දරුවෝ ගිතෙල් බඳුන් වගෙයි චාන්දනී. ගින්නට අහු වුනු ගමන් උණු වෙලා යනවා.
-චාන්දනීගේ මව
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.