ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා
“මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ්‍යතාවයක් එන්නෙ නැහැ.”
ඇය කීවාය.
“ඒක පුදුමයි... ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට වඩා මගෙ හිතේ තියෙනවා. මම හිතන්නෙ...
ඔයාට වඩා මම දුර්වලයි...”
“ඔයා දුර්වලයි නෙවෙයි,
ඔයා ආදරණීයයි...”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.