Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උන්මාත

උන්මාත

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එය, ලාංකේය ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් විය1

යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහැඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝදාහක් සෙනඟ ගැවසෙන්නා වූ වීදි ජනශුන්‍යව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති. හදවත උගුළා දැමෙන ලද යුවතියන්ගේ නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමු වෙයි. ඔවුන්ගේ රුධිරය ධරණිතලය පොඟවමින් තිබිණ. ආත්ම යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොරදෙමින් තිබිණ.

ඉදින්, මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද?

විලියම්ස් ඉන්ස්පැක්ටර් සමඟින් පුවත්පත් වාර්තාකරු ෆ්‍රැන්සිස් අබිරහසේ පැටලුම් අතර සැරිසරති. නමුත්,

ඝාතකයා හමුවෙයිද?

ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියවෙයි. වීරයෝ තැනෙති. දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදු වෙයි.

එකල්හි, ශුද්ධවන්තයෝ, සිංහලයාගේ භූමිය වෙනුවෙන් සටන් කරති.

ඔවුහු අරගල කරන්නෝය. කැරලි ගසන්නෝය. සිංහලයාගෙන් උදුරාගත් භූමියේ අයිතිය වෙනුවෙන් විරුවන් තනන්නෝය. සටන් කරන්නෝය.

ඔවුන් තම මාතෘ භූමියේ අයිතිය නැවත දිනාගනීද?

මෙකී අඳුරු කාල පරිච්ඡේදය පිළිබඳ ලියැවුණු කඩදාසි දවා හළුකර දමා ඇත

කාලයාගේ ඇවෑමෙන් සැඟවී ගියා වූත් බලහත්කාරයෙන් මකා දමන ලද්දා වූත් ලාංකේය ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයේ කතන්දරය මෙයයි.

ඉඳින්, මේ එකම එක සාක්ෂියයි.

ISBN
9786245579181
පිටු ගණන (Pages)
519
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උන්මාත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.