Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උපුලී

උපුලී

ප්‍රකාශක (Publisher): The Bee Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

උදෑසන චන්ද්‍රසිරි

තම කාමරය ඉදිරිපිට

සිදු කරන රංගනය දැක

"තූ නොදකින් කාලකන්නියා” කියා

බුලත් කෙල පහරක් මිදුලට ගැසුවේ

දවසම මුස්පේන්තු වූ හැඟීමෙන්ය...

 

"හා... හා... නැගිටපන්...

මොකද උඹ උදේ පාන්දර මේ...

සරමත් කරේ ගහ...න් ...?

 

සිදු වී ඇති දේ චන්ද්‍රසිරි දිහා බැලූ විට

සැම්සන් සාමී හට වැටහිණි.

 

නැගිටපිය බල්ලා...

උදේ පාන්දර මගේ කාලේ කන්ඩ ආවා...

දීපිය ගිය මාසේ මගෙන් ගත්තු සල්ලි ටික

මගෙන් මැරුම් නොකා

 

කොපාවිෂ්ඨ වූ සැම්සන් සාමි යටිපතුලෙන්

පහරක් චන්ද්‍රසිරි හට එල්ල කළේ තමන්

තාමත් ශක්තිවන්තයෙක් බව පෙන්වීමටය.

 

එල්ල කරන ලද පහර බරපතල නොවුනත්

චන්ද්‍රසිරි නැවත තම අද්විතීය රංගනය

විදහා දක්වමින් මිදුල පුරා පෙරලි පෙරලී

ගියේ සැම්සන් සාමි හට තරඟයේ වීරයා

සම්මානය හිමිකර දෙමින්ය.

 

තවදුරටත් රංගනයෙන් හෙම්බත් වූ

චන්ද්‍රසිරි අත්දෙක එකතු කර වැඳ වැටුනේ

තමන් පරාජිතයෙකු යන හැඟීම

ඒත්තු ගැන්වීමටය

ISBN
9786242108032
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උපුලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.