The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්
'කවුද මේ එරික්.''
''එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු
කෙනාට. මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි.
මෙහාට එන්න කලින්එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ''
''එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියන්නේ?''
පැට්‍රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්.
''අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට
අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා. ඊට පස්සේ මේ
පවුල් දෙක අකර මහා විශාල සටනක් ඇති වෙනවා. ඒකෙන්
ගොඩාක් දෙනෙක්
මැරෙනවා. අයිස්ලන්තේ පාලකයින් ට මේ සටන නතර කරන්න
ඕනෑවෙනවා. ඒ හින්දා ඒ අය එරික් ව අයිස්ලන්තයෙන් පිටුවහල්
කරනවා.''
''එරික්ව තමාගේම රටෙන් පිටුවහල් කරනවද ? ඒක හරිම
අසාධාරණයි නේ''
''ඒක ඇත්ත තමයි පැට්‍රික්. එරික්ට රුවල් නැවකුයි
නාවිකයෝ කණ්ඩායමකුයි හිටියා. රටේ පිටුවහල් කළාට පස්සේ
එයා මේ ගොඩබිම හොයාගෙන ග්‍රීන්ලන්තයකියලා නම් කරලා
මෙහේ පදිංචි වෙනවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.