වන්නියලැත්තෝ
වනපෙත පරම්පරා උරුමයයි. මහකැලය ජීවන අඩවියයි. දඩමං - අලිමං - උරමං සේම, අඩිමං දිගේ සැරිසරනුයේ සහජීවන සබැඳියාවෙනි. වනපෙත සතා සිව්පාවා හා සොබා දහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප්‍රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගේ වන්නියලැත්තෝ බිහිවන්නේ ආදිවාසී සියලු ජනසම්මුතීන් හා නායකත්ව ජන්මලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන් නායක වගකීම් අතර ප්‍රධාන ය. වන දිවියේ සිරිත් විරිත්, වත්පිළිවෙත්, කිලි, තහංචි, ජන විශ්වාස, ඇදහිලි හා ජනසම්මුතීන් ඉදිරියට පවත්වාගෙන යෑමේ අභියෝග වන්නියලැත්තෝ සතු ප්‍රධාන වගකීමකි. " වන්නියලැත්තෝ ' චරිතාපදානය සම්මානිත ලේඛක ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම සාකච්ඡා ඇසුරෙන් ප්‍රබන්ධිත මානව පුස්තක වියමනකි. එමඟින් ආදිවාසී උරුමයන් ලේඛනාරූඪ කර මතු පරපුර උදෙසා සුරක්ෂා කර තිබේ.
කොටස් පොජ්ජ දාසයකින් අන්තර්ගතය සමන්විත මේ චරිතාපදානය යනු; ආදිවාසී සියලු ජනශ්‍රැති එකමිටකට කැටිකර වැදි වහර හා සිංහල ගද්‍ය ශෛලිය කදිමට ඈඳාගත් චරිතාපදානයකි. එහෙයින් 'වන්නියලැත්තෝ' චරිතාපදානය වූ කලී, ආදිවාසී ජනශ්‍රැති, වාග්විද්‍යා, සංස්කෘතික මානව විද්‍යා, පරිසර විද්‍යා, ජීව විද්‍යා, ශාක විද්‍යා, වෛද්‍ය මානවවිද්‍යා, සෞඛ්‍ය විද්‍යා, සොබාදම් විද්‍යා, මෘදු කුසලතා සංවර්ධන විද්‍යා, අස්පර්ශනීය සංස්කෘති උරුම පමණක් නොව ඉතිහාස මූලාශ්‍ර ආදී අධ්‍යයන විෂය මූල රැසක එකතුවකි. එහෙයින් වන්නියලැත්තෝ ' චරිතාපදානය සිරිලක ආදිවාසි විශ්වකෝෂයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.