වන සරන පිය සමර
මලින් එලින් පිරි, දැඩි අරටුවෙන් යුත් මහා වනස්පතියක් ගැන පේළි කිහිපයකින් අකුරු ගැටගසන්නේ කෙසේද? පියසේන කහඳගමගේ නමැති නික්ලිෂ්ට, උදාර චරිතය සේවනය රීමේ වාසනාව ලදිමි. මහා වනස්පතියක් පාමුල කුඩා පැළ නොවැඩෙන බව සොබාදහ නිර්මාණකරණයෙහි අප යා යුතු මග නොමග පෙන්වා දුන්නේ රීතියක් වුව මානව ප්‍රේමයෙන් ය. දුර ඈත දිගාමඩුල්ලේ පැළ වී, යෞවන සුහුඹුල් ගසක් ව, සිය කුටුම්බය පවත්වා ගෙන යාමට ඔහු තෝරාගත්තේ රමණීය ගිං නදී නිම්නය යි. දිගාමඩුල්ලේ ඔහු විඳි අප්‍රමාණ දුක් කන්දරාව, දැනුම සඳහා ඔහු තුළැති නොතිත් ඇල්ම මුද්‍රිත අකුරු වලට හැරී පෙරළී, ජන හදවත් සනසාලමින් රාජ්‍ය සම්මාන පමණක් නොව, ජනතා සම්මානයෙන් ද හෙතෙම බුහුමන් ලැබී ය.
ජීවත්ව සිටිනා තුරු රෙද්ද බැනියම අත් නොහළ, පාපැදියෙන් ගමන් බිමන් යන මේ අදීන ගුරුතුමා කවර කලෙකවත් දේශපාලන හෙන්චයියකු, වන්දිභට්ටයකු හෝ ප්‍රශස්ති ගායකයකු නොවී ය. එහෙයින් ම දේශපාලන සහ නිලධාරි දඬුකඳේ හිර වූව ද, ඔහු කළ නිර්මාණ සොබාදහම හා දුක් විදින ගැමියා, සතා සීපාවා ගැන ඔහු තුළ වූ නොතින් ඇල්ම ගෙන හැරපායි.
සිය ජීවිත කාලය තුළ සැත්තෑවකට නොඅඩු ග්‍රන්ථ සමූහයක් දැයට දායාද කළ ඔහු, දිවි රඟ මඬලෙන් සමුගන්නේ රටට ණය නැති මිනිසකු ලෙස ය. ඔහු වියෝවින් දශක දෙකක් ගෙවී මොහොතේ මහා වනස්පතිය ඇසුරු කිරීමට අප පින් කළ බව දැනිණි. හැඟිණි.
- ගාමිණී කුමාර විතාන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.