වැව් බැඳි රටේ තක්සලාවක
වැව් බැඳි රට පදනම් කරගත් 'වැව් බැඳි රටේ තක්සලාවක’ නම් මෙම කෘතිය නවකතා කලාවට වෙනස්ම ආරක හැඩයක් එක්කළ ග්‍රන්ථයකි. තම අත්දැකීම් හරහා ලබා ගත් පරිචය මෙහි අභ්‍යන්තරය සකස් කිරීමට කතුවරියට මහෝපකාරි වී ඇත. එසේම ඇය ගත් උත්සාහය සාර්ථක වී ඇත. මෙරට ජන සංස්කෘතිය තුළ නොනැසෙන විශ්වාස, ඇදහිලි ඉස්මතු කරමින් විවිධ කාලවලදී රටේ පැවති භයානක භීෂණයද තම සීමාවේ සිට භාවිත කරමින් ආදර කතාවක් නූතන සමාජයට තිළිණ කරන්නට ඇයට හැකි වී ඇත. අසූව දශකයේ මෙරට පැවති යුද ගැටුම්, කැරලි කෝලාහල සහ භීෂණය මැද තරුණ ගුරු මහතෙකු සිසු පරපුරට උදාර සේවයක් කර තම යෞවන පැතුමන් මුදුන් පත් කරගෙන ආපසු ගම් බිම් කරා එන කතා පුවතක් පාඨකයින් වෙත තිළිණ කළ ආකාරය ඇත්තෙන්ම ප්‍රශංසනීය වන අතර ග්‍රන්ථකරණයේදී පෑන හැසිරවිය යුත්තේ කෙසේද යන්න ඇය මැනවින් පසක් කර ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.