Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගවේශනාත්මක - Exploratory / වැද්දාගේ වෙදකම්

වැද්දාගේ වෙදකම්

About this book

ඉතා දිගු සංස්කෘතික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ සෑම ජන වර්ගයක් සතුව විශිෂ්ට වූ    දේශීය හා පාරම්පරික දැනුම් සම්භාරයන් විසිරී පැතිරී පවතී. මේවා එක්රැස් කිරීම හා මතු පරපුරේ ප්‍රායෝගික හා ශාස්ත්‍රීය අවශ්‍යතා වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙහි ස්ථාපිත, පාරම්පරික හා ආදිවාසී ජන විඥාන අධ්‍යයන කේන්ද්‍රෙයහි මූලික අභිලාශයන් අතර වේ. ආචාර්ය එල්. ඩබ්. චන්ද්‍රතිලක බණ්ඩාර මහතා මෙකී අභිලාශයන්ට අනුයුක්තව, එහි ලියාපදිංචි සිසුවෙකු වශයෙන් සිය දර්ශනශූරී උපාධි පර්යේෂණය සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ආදිවාසී වැදි ජනයා විසින් පවත්වාගෙන එන ලද වෙදහෙදකම් පිළිබඳවය. ඔහු විසින් සකස්කරන ලද උපාධි නිබන්ධනයට අයත් කරුණු විශාල වෙනස්කම්වලට භාජන නොකොට සෙසු පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ග්‍රන්ථයක් වශයෙන් එළිදැක්වීමට අදහස් කිරීම පැසසුම් කළ යුත්තකි.


මෙම කෘතිය ගත යුත්තේ හුදු ලියවිල්ලක් වශයෙන් නොව, දිගු කාලයක් මුළුවල්ලේ අම්පාර, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි තෝරා ගන්නා ලද වැදි ගම්මානවලට අයත් වැදි වෛද්‍යවරුන් හා ප්‍රමුඛ දත්තදායකයන් වෙතින් ලබාගත් මූලික තොරතුරු, ක්ෂේත්‍රයට අදාළ ද්විතියික දත්ත හා එකී ප්‍රදේශවල දීර්ඝ කාලයක් ජීවත්වීමෙන් ලත් පරිචය ද ඇතුළත් වූ ආනුභවික වියමනක් වශයෙන් ය. ප්‍රජාවක් සතු අනාවරණය නොවූ සංස්කෘතික උරුමයන් මනාකොට නිස්සාරණයකර ගැනීමේ සූක්ෂමතාවයත්, ඒවා නිසි පරිදි වාර්තා කිරීමේ ලේඛන කුසලතාවත්  ලේඛකයා සතු බව මෙම කෘතිය පරිශීලනය කරන්නෙකු හට වැටහී යනු ඇත. 


සෞඛ්‍යය හා යහපැවැත්ම යන අර්ථයෙන් කථාකරන ශාරීරික සහ මානසික සුවතාවට අනුයක්ත බොහෝ කාරණා ආදිවාසී ජනයාසතු බව ශ්‍රී ලංකාවේ වැදි ප්‍රජාවගේ ජීවන චර්යාව දෙස විමැසුම් ඇසින් බලන්නෙකු හට වැටහී යනු ඇත. දිගු ආයු කාලයකට උරුමකම් කීමට හා සමබර කායික හා මානසික තත්ත්වයන් රඳා පවත්වාගෙන යාමට වැදි ජනයා සතු පාරම්පරික වෛද්‍යමය ඥාන සම්භාරය හේතු වූ බව බෙහෙවින් සාධනීය වූ තර්කයකි. මෙය උපන්‍යාසයක් වශයෙන් ගෙන වෛද්‍ය ක්ෂේත්‍රෙයහි නව මානයන් ගවේෂණය කිරීමට රුචි විද්‍යාර්ථීන් හට මෙම කෘතිය මාර්ගෝපදේශයක් වනු ඇත. ඒ අනුසාරයෙන් ගොඩනැඟෙන අනාගත දැනුම මානව වර්ගයාගේ තිරසාර පැවැත්මට සඳහා හේතු වනු නිරනුමාන ය. 

ආචාර්ය සරත් ආනන්ද 
පාරම්පරික හා ආදිවාසී ජන විඥාන අධ්‍යයන කේන්ද්‍රයෙහි හිටපු අධ්‍යක්ෂක හා හිටපු සමාජීය විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධාන, ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය - බෙලිහුල්ඔය.

Details
ISBN
9789556565058
පිටු ගණන (Pages)
377
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: වැද්දාගේ වෙදකම්

Reviews are published once a member of our team has read them.