වෙඩිල්ලා
“මේ ආර්ථිකෙත් එක්ක ඔය තනි අතෙන් ඔහොම හැප්පෙන්න බැහැ බාලෙ. අපි පොඩි එකාව මහන කරමු. මේ කාලෙ දානෙකට පාංශකූලෙකට වැඩියම අතටත් කීයක් හරි ලැබෙනවා. එතකොට පොඩි හාමුදුරුවො ගෙදර අඩුපාඩු ටික බලා ගනියි. සමහර මිනිස්සු බඩගින්නෙ මැරෙනවා. තවත් මිනිස්සු පින් ඉල්ලගෙන කාගන්න බැරි තරම් දේවල් ගෙනත් පන්සල් අස්සෙ පුරවනවා.”
“ෆාදර්ට පුළුවන්නම් මේ රෑ ඩ්රයිව් කරන්න... දැන්ම පිටත්වෙන එක හොඳයි.”
පාරාජිකා හතර ගැන දෙසීමෙන් ඉක්බිති ලොකු හාමුදුරුවො පියතුමා දෙසට හැරී පැවසූහ.
“එහෙමනං සෝරත ගිහිං සිවුරු පාත්ර අරගෙන ඇවිත් බාර දීලා මේ මහත්තයලා ගෙනා ඇඳුම ඇඳ ගන්න. ගිහි ඇඳුම් කිහිපයක් මමත් ලෑස්ති කළා. ඒ බෑග් එක මගේ කාමරේ ඇති. ඒකෙ ගොඩක් ඉඩ තියෙනවා. ඔය පිරිකර හැටියට ලැබුණු දේවල් ඒකට ඇති වෙන්න දාගෙන තාත්තාට ඉතුරු ටික අරගෙන යන්න කියන්න... ඉතුරු ටික මම සුමනෙ අතේ අරින්නම්.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.