වෙල්ලාවේ කළුව
දීර්ඝ කාලයක් ග්‍රාම නිලධාරිවරයෙකු ලෙස සේවයේ යෙදී සිට, දැනට විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන කතුවරයා ලේඛන කලාවට අත්පොත් තබන්නේ පාසල් අවධියේ සිටය.
තම රාජකාරි දිවියෙහි සමාජ අත්දැකීම් තුළ සැරිසරමින්, ඉතා වටිනා කෙටිකතා රාශියක් මෙන්ම "ගම් තුලාවේ ඇත්තෝ" වැනි උසස් ගණයේ නවකතා පාඨකයා අතට පත් කිරීමට ඔහු සමත්ව තිබේ.
ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන් ම ලේඛන කලාව හසුරුවන මෙම ලේඛකයා, ජාතික තලයේ සාහිත්‍ය සම්මාන රාශියක් හිමි කරගෙන ඇති අතර, 2017 වසරේ කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීමට ද භාග්‍යවන්තයෙකු වූ අතර 2025 වසරේදී දකුණු පළාත් කලාකරු ඇගයුම් සම්මානයෙන් ද පිදුම් ලැබීය.
"වෙල්ලාවේ කළුව" නමින් විජේසේකරයන් විසින් පාඨකයා අතට පත් කරනු ලබන මෙම නවතම කෘතිය තුළින්, ශ්‍රී ලංකා සමාජය තුළ විරාජ් කාලයක් පුරාවට මුල් බැසගෙන ඇති පාරම්පරික හා යල් පැනගිය කුල භේදය නමැති සමාජ සංකල්පය පිළිබඳව සුවිශේෂී වූ දෘෂ්ටි කෝණයකින් බලන අතර, ඒ පිළිබඳව නවමු අත්දැකීමක් පාඨකයා වෙත යොමු කිරීමට ඔහු සමත්ව තිබේ. ඔහුගේ ලේඛන දිවියට සුබ පතමි.
සුනිල් එස්. රත්නායක (B.A., M.A)
සභාපති - මාතර දිස්ත්‍රික් ලේඛක සංසදය
රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.