Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විමුක්තිය සොයා

විමුක්තිය සොයා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

චන්ද්‍රසිරි දොඩංගොඩ නවකතාකරුවාගේ පළමුවැනි ගුණානුස්මරණය වෙනුවෙන් නවකතා, කෙටිකතා හා කාව්‍ය වශයෙන් තරඟ තුනක් පැවැත්වීමට චන්ද්‍රසිරි දොඩංගොඩ අනුස්මරණ පදනම ගත් උත්සාහය මල් ඵල ගැන්වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කුසුමා එපිටවල ලියූ විමුක්තිය සොයා නම් නවකතාව ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. එවා තිබූ නවකතා රාශියක් අතරින් විමුක්තිය සොයා නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණ දක්නට ලැබිණ.

මෙම නවකතාවට ඇතුළත්ව ඇත්තේ සිදුහත්- යශෝදරා කතාවේ නව අර්ථකථනයකි. ආගමික පසුබිමක දිවෙන කතාව ගැන අමුතුවෙන් කිව යුත්තක් නැතත් කතාවේ ජයග්‍රහණයට හේතු වූයේ කතුවරියගේ භාෂා විලාශයයි. ආගමික පසුබිමකට උචිත සේ ලියවුණු භාෂාව ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරම් උත්කෘෂ්ට මට්ටමක පවතී. ඒ නිසාම මා ඇතුළු විද්වත් විනිශ්චය මණ්ඩලයට කිසිදු පැකිළීමකින් තොරව මේ කතාව ප්‍රථම ස්ථානයට තෝරා ගැනීමට හැකියාව ලැබුණි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ කතුවරියගේ භාෂා දැනුම එතැනින් මුවහත් වුවායයි සිතේ. 

- අනුල ද සිල්වා

ISBN
9789556565751
පිටු ගණන (Pages)
124
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විමුක්තිය සොයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.