විමුක්තිය සොයා

Special Price රු. 323.00 Regular Price රු. 380.00
In stock
SKU
wimukthiya-soya-kusuma-epitawala-sooriya

චන්ද්‍රසිරි දොඩංගොඩ නවකතාකරුවාගේ පළමුවැනි ගුණානුස්මරණය වෙනුවෙන් නවකතා, කෙටිකතා හා කාව්‍ය වශයෙන් තරඟ තුනක් පැවැත්වීමට චන්ද්‍රසිරි දොඩංගොඩ අනුස්මරණ පදනම ගත් උත්සාහය මල් ඵල ගැන්වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කුසුමා එපිටවල ලියූ විමුක්තිය සොයා නම් නවකතාව ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. එවා තිබූ නවකතා රාශියක් අතරින් විමුක්තිය සොයා නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණ දක්නට ලැබිණ.

මෙම නවකතාවට ඇතුළත්ව ඇත්තේ සිදුහත්- යශෝදරා කතාවේ නව අර්ථකථනයකි. ආගමික පසුබිමක දිවෙන කතාව ගැන අමුතුවෙන් කිව යුත්තක් නැතත් කතාවේ ජයග්‍රහණයට හේතු වූයේ කතුවරියගේ භාෂා විලාශයයි. ආගමික පසුබිමකට උචිත සේ ලියවුණු භාෂාව ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරම් උත්කෘෂ්ට මට්ටමක පවතී. ඒ නිසාම මා ඇතුළු විද්වත් විනිශ්චය මණ්ඩලයට කිසිදු පැකිළීමකින් තොරව මේ කතාව ප්‍රථම ස්ථානයට තෝරා ගැනීමට හැකියාව ලැබුණි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ කතුවරියගේ භාෂා දැනුම එතැනින් මුවහත් වුවායයි සිතේ. 

- අනුල ද සිල්වා

Author කුසුමා එපිටවල - Kusuma Epitawala (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565751
පිටු ගණන 124
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:විමුක්තිය සොයා
Back to Top