විඳින විඳවන මතක
About this book
සැබැවින්ම ඇය ද අන් අය මෙන්ම ස්ත්‍රීත්වය පිරුණු තරුණියකි. මුවින් නොකියනා ඉඟියෙන් නොදනවනා දෑ තේරුම් ගැනීම පිරිමින් විසින් කළ යුතුමැයි සිතනා තැනැත්තියකි. ඇයට සිතෙනා දැනෙනා හැඟීම් සියල්ලටම සෘජුවම වගකිව යුත්තා තමන් පෙම් කරනා පිරිමියා යැයි සිතන්නියකි. ඇය ප්‍රතික්ෂේප කරනා විට පසුපසින් පැමිණ ඇයව සැනසවිය, අනුදැනවිය යුතුමයැයි අදහන්නියකි. ඇය ඔහු හා කතා බස් නොකරන විට කෙලෙසෙක මඟක් තනාගෙන ඇයව සම්බන්ධ කරගත යුතුමැයි සිතන්නියකි. ඇය සොවින් සිටිනා විට එකී ශෝකයට කාරණාව තම ප්‍රේමියා දැන සිටිය යුතුමැයි අදහන්නියකි. අවසානයේද කියන්නෙමි, ඇය වචනයේ පරිසමාප්තියෙන්ම ස්ත්‍රීත්වයෙන් පරිපූර්ණ වූ එකියකි.
Details
ISBN
9786245671793
පිටු ගණන (Pages)
327
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review