Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විසට විස

විසට විස

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කලින් ක්ෂිතිජය හා එක්ව තිබූ කළු පොදිය දැන් මෑත් වන බවත් අහසට නඟින දූලි කන්ද මුළු පළාතට ම පැතිරී යන බවත් ඔවුහු දුටහ. තවත් මිනිත්තු කීපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැඟෙන ගිඩි ගිඩිය තරුණ තරුණ යුවළට දැනෙන්නට විය. යළි වෙඩිහඬ සමඟ මුසු වූ හරකුන්ගේ කෑගෑමත් ‘ගිඩි ගිඩි’ යත්, උන් කුලප්පු කරමින් පන්නන මිනීමරු වෙසින් කෑ ගහන අසරුවන්ගේ හඬත් පැහැදිලිව ම ඇසෙන්ට විය. මුහුද ගොඩගමන් ගත් කළැයි කියනු ලබන්නේ මෙවැනි අවස්ථවලට යයි ඔවුන්ට සිතුණි. හිස් නමාගෙන ඉදිරියට නෙරාගත් අං ඇතිව වල්ගා උඩ තබාගෙන ප්‍රාණ බයෙන් දුව එන දැවැන්ත ගව රැළ, ගස් ගල් හා වල් පඳුරු සුනුවිසුනු කරමින් වෛරයෙන්, කෝපයෙන් හා බියෙන් මත්වූ සෙබළ මුළක් මෙන් ඉදිරියට එමින් සිටියහ. පිස්තෝල හිසට උඩින් ඔසවා ගත් ගවපල්ලෝ උන් මෙහෙයවන නපුරු සෙනෙවියන් රැසක් මෙන් අහසට වෙඩි තබමින්ද, යටිගිරියෙන් කෑ ගසමින්ද එක් අතකට ම මෙහෙයවමින් සීසීකඩ යා නොදී පාළනය කරමින් ආහ. තරුණයා රයිෆලය අතට ගත්තේය. බිම දිගා වී, තරුණියටද එසේ කිරීමට අණ කළේය. ඇය ඔහු අනුගමනය කළ මුත් ඔහුගේ බලාපොරොත්තුව කුමක්දැයි යන්න ප්‍රහේලිකාවක් විය.

ISBN
9786245152339
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විසට විස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.