Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / යාබදව හිඳ - THE COUPLE NEXT DOOR

යාබදව හිඳ - THE COUPLE NEXT DOOR

About this book


“A Twisty, Utterly riveting tale that will send readers on a wild roller coaster ride of emotions.”

-Tess Gerritsen, New York Times Bestselling Author of PLAYING WITH FIRE


“Provocative and shocking.”

-Lisa Gardner, New York Times bestselling author of FIND HER


“I read this novel at one sitting, absolutely riveted by the storyline. The suspense was beautifully rendered and unrelenting!”

- Sue Grafton, New York Time bestselling author of X

…ඇය අත්වැලට තවත් බරවිය. ඇත්තටම මත ගත වැදුණා වැඩිය. නමුත් තව ටික දුරකි, පියවර කිහිපයකි. ඈන්, මාර්කෝ පසුකර ඉස්සර විය. දැන් මේ පෙනෙනුයේ ඔවුන් ගේ පඩිපෙළය. ඉන්පසු අර තරමට සුවිසල් වූ එකම මෝස්තරයේ ඉපැරණි දොර ය. ඈන් නිහඬව ඇවිද ගියා ය. මාර්කෝ සමඟ දොඩන්නට ඇයට අවැසි නැත. බාග දා, මුළු රාත්‍රියම ඔහු හා ඇය කතා නොකර හිඳිනු ඇත.

යුහුසුළුව අඩි තැබූ පළමු පඩියේදී ගල්ගැසී නැවතී ගිය ඈ, නෙත් අයා කිසිවක් දෙස බලා හිඳින බවක් පෙනිණි.

“ඇයි?” පිටිපසින් ආ මාර්කෝ ගේ හඬ ය. ඒ මත විශ්මය නොඑසේ වී නම් නොඉවසිල්ල මුසු වී ඇත.

ඈන් භ්‍රාන්තව බලා හිඳින්නී ය. මාර්කෝ ඈ ඔස්සේ ඇස් ලීය. ඉදිරි දොර ඔහේ හැර දමා ඇත! දොර සහ උළුවස්ස අතරත අඟල් හතරක පහක පමණ හිඩැසකි. කවුරුත් නමුත් දොර විවර කර ඇත.

“මට හොඳටම මතකයි මම දොර අගුළු දාලයි ආවේ මාර්කෝ.” ඈන් සැලෙමින් පැවසුවාය.

“මං පුරුදු විදිහට පස්සේ දොරෙන් ගියේ ඈන්. ඔයාට අමතක වුණාවත් ද ඈන්? ඔයා ටිකක් අද වැඩිපුර බීලයි හිටියේ”

ඈන් ඒ කිසිවක් කණ වැකෙන්නට කල් මරමින් හිඳ තිබුණේ නැත. ඇය වහා දිව ගියා ය. දොර දෙබෑ කළ ඈ, කොරිඩෝවටත් ඉන්පසු විසිත්ත කාමරයටත්, එය පසු කර සිඟත්තියගේ නිදන කාමරයටත් විදුලි වේගයෙන් දිව ගියා ය. මාර්කෝ ද ඇය පසුපසින්ම විය.

එලෙස කිරිකැටි සිඟිත්තියගේ හුරුබුහුටි කාමරයට කඩා වැදී ඈ මුවින්, මිනිස් ස්වරතන්ත්‍රයෙක කිසිකලෙක හෝ නූපැද්දිය හැකි වූ අති අමානුෂික වූත්, කන් බිහිරිකොට ඇට මිදුලු කිතිකැව්වා වූත්, විලාපයක් - මාතෘත්වයේ, ඉපැරණි ශිෂ්ඨාචාරයන් හී යුග යුග සියවස් ගණනාවක අම්මාවරුන්ගේ විප්පයෝගයේ අඳෝනාවේ දෝංකාරය කැටි කරගත් විලාපයක් - නික්මෙනු, නිදිගත් යාබද නිවෙස්නයන් දෙදරවා ශ්‍රවණය විය!

Details
ISBN
9786245152186
පිටු ගණන (Pages)
423
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. Book
    Yes
    Savi ·
  2. දරුවා අස්ථාන ගත වීමක් හා සොයා යාමක් !!
    පිටු අධික ගණනාවක් පුරා දිව ගියා වූ විවිධාකාර මිනිස් හැඟුම් පාඨකයා කුතුහලයෙන් මුසපත් කර ඇද බැඳ තබා ගෙන එක හුස්මට කියවා නිමකර දමන්නට සිත මුරණ්ඩු කරවන අතිශය විශිෂ්ඨ පරිවර්තනයකි .
    කතුවරයා පවසන සේම සිංහල භාශාව විශිෂ්ඨ ලෙස හැඟුම් විස්තර කරන බව නම් සැබෑවක් මය ...
    Fazmina ·
Write a review

You're reviewing: යාබදව හිඳ - THE COUPLE NEXT DOOR

Reviews are published once a member of our team has read them.