Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යෝ... කඩවුලේ

යෝ... කඩවුලේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"තමුසෙට මං කියන දේ තේරෙන්නෑ ඕයි. තමුසෙත් හැමදාම ටෙස්ට් වලට හිටියා. මාත් හිටියා. තමුසෙ හැමදාම ෆේල් උනා. මං හැමදාම පාස් උනා. තමුසෙ රිපෝට් කාඩ් එක ගේනකොටම අප්පා දන්නවා කොහොමත් මූ ෆේල් කියලා. මං රිපෝට් කාඩ් එක ගේනකොට අප්පා දන්නවා මං කොහොමත් පාස් කියලා. ෆේල් වෙච්ච එකාට දවසක් බනී. දෙකක් බනී. ඒක ඉවරයි. ඌ ඉතිං හැමදාම ෆේල්නේ. තමුසෙ දන්නවද මේ ලෝකේ ඉගෙනගන්න උන්ගෙන් වැඩියෙන්ම ස්ට්‍රෙස් එකේ ඉන්නේ කවුද කියලා? ෆේල් වෙච්ච උන් නෙමෙයි ඕයි. පාස් වෙච්ච උන්. අපි මේ දුවන්නේ රේස් එකක්. තමුසෙලා වගේ උන් යෝ.. කඩවුලේ.. කොහොම දිව්වත් ෆේල් වෙන එකනේ කියලා රේස් එක දුවන අතරෙත් ගන්න ඕනේ හැම ආතල් එකම ගන්නවා. ඊට පස්සෙ රේස් එක ඉවර කරනවා.

එතකොට තමුසෙ දන්නවද තමුසෙලා පරාද වෙද්දි රේස් එක දිනපු එකාට මොකද වෙන්නේ කියලා? රේස් එක ඉවර වෙච්ච ගමන් හැමෝම හිතන්නේ ආ.. රේස් එක ඉවරයි කියලා. ඒත් එහෙම නෑ. ඒක දිනපු එකාට තමයි ඊලඟට අමාරුම දේ තියෙන්නේ. එකක් දින්නයි කියන්නේ ඌ වටේ ඉන්න ඕඩියන්ස් එක බලාපොරොත්තු වෙනවා ඌ ඊලඟ රේස් එකත් දිනයි කියලා. ඌ ඒකත් දින්නා කියමු. ඊලඟට..? ඊලගට එන හැම රේස් එකම ඌ දිනන්නම ඕනේ. උගෙ වටේ ඉන්න උන් බලාපොරොත්තු වෙන්නේ ඒක. ඊලගට උගෙ ජීවිතේ තියන එකම ටාගට් එක ඉස්සරහා තියන රේස් ටික දිනන එක විතරයි. හොඳින් හරි නරකින් හරි ඌ ඒක දිනන්නම ඕනේ. එකක් හරි පැරදුනොත් තමුසෙ දන්නවද ඌට වෙන්නේ මොනවද කියලා? එච්චර කාලයක් ඌ දිනාගෙන ආපු දේවල් වල කිසිම වටිනාකමක් නැති වෙන එක.

ISBN
9786246103156
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යෝ... කඩවුලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.