දිලෙන තරුව ඇයයි

Special Price රු. 2,146.50 Regular Price රු. 2,385.00
In stock
SKU
dilena-tharuwa-aeyai-disna-krishanthi-nimsara-publication

'මගේ ජීවිතේ උපන් දා ඉඳන් කවදාවත් සතුටක් ලබලා නෑ. තේරෙන පුංචි වයසේ ඉඳන් අම්මා පස්සෙන් එයා එක්ක කුලී වැඩට ගිහින් හොයාගන්න කීය හරි එයා අතට දීලා එයාට හයියක් වුණා. පුංචි කාලේ ගෙවිලා ගියේ විදුලි වේගෙන්. තාත්ත නැති උනේ මල්ලිට අවුරුදු දෙකක් විතර වෙනකොට. ඒ එයාගේ බීමත්කම නිසා. දැන් මට තියෙන එකම බලාපොරොත්තුව ලොකු නංගිට හොඳට උගන්නන එක.

එයාට අපි හැමෝටම වඩා ඉගෙනගන්න හැකියාවක් තියෙනවා. අඩු තරමින් අපට නොසැලකුවත් එයාගේ ජීවිතේවත් පිළිවෙළක් කරගන්න එයාට හොඳට උගන්නන්න මං උපරිම උත්සහ කරනවා. හෙටත් මට කුලී වැඩකට යන්න බෑ. ගෙයි වැඩේට කට්ටිය එන නිසා.

ගොයම් හිටවල ගත්ත දාහෙන් තවත් හයසීයක් බේරාගන තියන් ඉන්නේ ආයේ මොකක් හරි වැඩක් කරලා කීයක් හරි හොයාගන්නකම්. එන අයට කන්න දෙන්න වත්කමක් නැති උනත් තේ ටිකක් හරි දෙන්න සීනි තේ කොළ ටිකක් හෙට උදේම අරන් එන්න ඕන.' 

කොයිතරම් මගේ ජීවිතේ ගැන හිතුවත් මේ ජීවිතේට වටිනාකමක් නෑ. ඒ නිසා තවත් ඒ දේවල් ගැන හිත හිත නිදිමරනවට වඩා තෙහෙට්ටු ඇඟට සහනයක් වෙන්න නිදාගන්න ඕන.

සමාධි එළියෙන් නැගිට්ටේ නිදාගන්න යන්න. යන්න ගිය කෙල්ල නැවතිලා ආයෙත් හඳ දිහා බැලුවා.

"හැමදාමත් මගෙ දුක අහනවට, මට ඇහුම්කන් දෙනවට පිං. මං නැති උන දවසක මං ඔයාට කිව්ව හැමදේම කියන්න අහන අයට."

සමාධි හඳ දිහා බලන් කිව්වේ අර දරදඬු යකඩ කෙල්ල විදිහට නෙවෙයි, අහිංසක සිතුවිලි පිරුණ අහිංසකාවියක් වගේ.

Author දිස්නා ක්‍රිෂාන්ති සේනානායක - Disna Krishanthi Senanayake (5)
Publisher නිම්සර ප්‍රකාශන - Nimsara Publications (7)
More Information
ISBN 9786246329006
පිටු ගණන 424
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිලෙන තරුව ඇයයි
Back to Top